
(සුජිත් හේවාජුලිගේ)
රටේ ඇතැම් ඖෂධ වල හිඟයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් වෙනුවෙන් රුපියල් කෝටි 3500ක මුදලක් වෙන් කර ඇති බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ඖෂධ හිඟයක් ඇතිවී ඇත්තේ ගිය අවුරුද්දේ ටෙන්ඩර් නොකිරීම නිසා බවත් ලබන වසර සඳහා ටෙන්ඩර් කටයුතු ආරම්භ කර ඇති බවත් ඔහු කීය.
රටවල් සමඟ සාකච්ඡා කර ඖෂධ පරිත්‍යාග ලෙස ලබා ගැනීමටද කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා මේ ප්‍රශ්නයට මුහුණ දීමට රජයට හැකියාව තිබෙන බවද සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සුන්ගෙන් හූරාගෙන කන බදු 100% වැඩි වෙලා, ආණ්ඩුව පම්පෝරි ගහනවා කලින් උන් මොකොද කොලේ ගගා. එත් අත්‍යාවශ්‍ය බෙහෙත් නැහැ
මේවා මෙහෙම සිද්ද වෙද්දී තමුන්ගේ නොහැකියාව වහගන්න විරුද්ධ පක්ෂය මර්ධනය කරනවා... සියළු රාජ්‍ය සම්පත් යොදවලා. ඔහොම යමුකෝ අපි බලමුකෝ...