IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ’ වර්ධනයක්

(යොහාන් භාසුර)

ඉදිකිරීම් අංශයේ ශ්‍රී ලංකා ගැණුම් කළමණාකරුවන්ගේ දර්ශකය ලෙස හඳුන්වන ‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සුළු වර්ධනයක් පිළිබිඹු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකය’ පසුගිය නොවැම්බර් මස දර්ශකාංක 51.4 ක් ලෙස වාර්තා වවූ බවත් එම මස තුළ පැවති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉදිකිරීම්කරුවන්ට සැලසුම් කළ වැඩකටයුතුවලට යම් බාධා වූ බව සමීක්ෂණයේදී හෙළිවූ බවත් මහ බැංකුව කියයි.

සමීක්ෂණයට ප්‍රතිචාර දැක්වූ බොහෛා් ඉදිකිරීම්කරුවන් සදහන් කළ පරිදි ඉදිකිරීම් ව්‍යාපෘතිවල ටෙන්ඩර් ඇගයීමේ ක්‍රියාවලිය තුළ වසර අවසානේ  සිදුවූ මන්දගාමිත්වය හේතුවෙන් ඇනවුම් දර්ශකය නොවැම්බර් මාසයේ පහළ ගිය බවත් සමාගම් වසර අවසානයේදී බඳවාගැනීම් පිළිබඳව සැළකිළිමත්වීම නිසා එම තත්වය උදාවූ බවත් මහ බැංකුව සඳහන් කළේය.

නොවැම්බර් මාසය තුළ දී තොග මිලදී ගැණුම් ප්‍රමාණය පෙර මාසයට සමාන මට්ටමක පැවැතීම නිසා තොග මිලදී ගැනුම් දර්ශකය කඩඉම් මට්ටමේ පැවැති බවත් ඇනවුම් සැපයීමට සැපයුම්කරුවන් වැඩි කාලයක් ගෙන තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

‘සමස්ත ක්‍රියාකාරකම් දර්ශකයේ’ වර්ධනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site