
(කේ.ඩී.දේවප්‍රිය සහ එම්.කේ.නන්දසේන)
මම කතරගම දෙවියන්ට පින් සිද්ධ වෙන්න බැතිමතුන් දුන් ආධාර උපකාරවලින් මහරගම පිළිකා රෝහලට උපකාර කළේ. සමාජ සේවයෙන් පසු මට රහස් පොලිසියටත් යන්න වුණා. මම අසරණ රෝගී දරවන්ට කළේ සේවයක්. මා කිසිදු දේශපාලන අරමුණ හෝ කිසිවකු ප්‍රවර්ධනය කිරීමේ යටි අරමුණු හෝ ඇතිව මෙම රෝහලට උපකාර කළේ නැතැයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා පැවැසීය.
ගුණසේකර මහතා මෙසේ පැවැසුවේ 2024 රුහුණු මහා කතරගම දේවලයේ අය වැය වාර්තාව මාධ්‍යයට ලබා දීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේ දීය.
ඔහු මෙසේ ද කීය.
කතරගම දේවාලයෙන් කරන සෑම සමාජ සාත්කාරයක්ම නිසි විනිවාද භාවයකින් කරලා තියෙනවා. මහරගම ළමා වට්ටුවට කරපු සෑම ශතයක්ම කාටත් බලා ගන්න හැකි ලෙස ගීණුම්ගත කරලා තියෙනවා.
එක දරුවකුට වතුර උගුරක් නොදුන් අය මේ වැඩේට චෝදනා කරනවා. එන්න කතරගම දේවාලය මගින් කරපු හා ඉදිරියට කරන සංවර්ධන වැඩවලට ප්‍රමුඛත්වය ගන්න. දේවාලයෙන් වැටුපක් දෙන්නම්. විවිධ චෝදනා කිරිම අප්‍රසන්නයි.
මහරගම රෝහලේ දී සෞඛ්‍ය ඇමැතිතුමා කළ කතාවෙ වරදක් මම දකින්නේ නෑ. එතුමා කිව්වේ ඉදිරියට කරන සංවර්ධන ක්‍රියාවලිය සම්බන්ධවයි. ඒවගේම මාත් දේශපාලනයට ගාවලා කතා කරනවා. එදා මම රෝහලට ගියේ මහින්ද්‍ර මාරසිංහ කියලා රෝහලට ආධාර කළ මහත්තයෙක් එක්ක. මම මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ගැන කිව්වා කියලා සමාජ මාධ්‍ය වල කතා හදලා.
මම කතරගම දේවාලයේ බස්නායක නිලමේ හැටියට රටේ සිටින සෑම මහජන නියෝජිතයකුට රජයකට ගරු කරනවා. දේවාලයේ සංවර්ධනවලට දේශපාලනය ගාවා ගෙන නැහැ. බුද්ධගම බේරාගත්ත අනගාරික ධර්මපාලතුමා මහමෙරක් සේවය කරලා දැඩි කලකිරීමෙන් රටින් ගියා. මම එසේ කරන්නේ නෑ. රජයේ උපදෙස් මත තව ගොඩනැගිල්ලක් මහරගම පිළිකා රෝහලට හදලා දෙනවා.
මටත් දරුවන් ඉන්නවා. සමාජයට සේවයක් කළාම එයට හොරා කියනවා මේවා හෙළා දැකිය යුතුයි.
මේවායින් උපකාර කරන අය කලකිරිමට පත් වෙනවා. පොදු වැඩ නතර කරනවා.
කතරගම දේවාලයේ ඇයවැය කාටත් බලන්න පුළුවන්. අද කතරගම තරුණ තරුණියන් හෝටල්වල රුකියා කරන්න නොමිලේ පුහුණුවීම් කළා.
රට රැකියාවලට යන්න පුහුණුවීම් කළා. දරුවන්ට අමතරව පන්ති කළා. මම හැමදාම බස්නායක නිලමේ විදිහට ඉන්න ආවේ නෑ. කතරගම කළ සංවර්ධනය මම ගෙදර ගෙනියන්නේ නෑ. මම සොරකු ලෙස මාධ්‍යවලට කිව්ව මහත්තයා ගැන අනුකම්පා කරනවා. ජීවත් වෙන්න කරන රැකියා තමයි ඔහු කාටහරි අපහාස කරන එක යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපොයි ඔව් පින් පාට මූණෙන් ගලනවා...!
අනේ අපි නොදන්නවයෑ…, අර මහ කපුවා රන් තැටියට කෙලිනකොට ඔය බබා කොහේද හිටියේ...?
බිල්ඩිං ගගහා ඉන්නේ නැතුව ඔය කියන දෙයියාට කියලා ලෙඩ්ඩු ටික ඔක්කෝම හොඳකරලා දෙන්නකෝ. එතකොට වැඩේ ඉවරයිනේ...!
ඔබේ ගුණවත් සේවය කවුරුත් අගය කරමි. ඒ සඳහා දෙවි රැකවරණය ලැබේවා..!
මෙයාට නේද ඩි එස් ගුණසේකර බස් කර්මාන්තය අයිති. මෙයාලා රාජපක්ෂගේ දකුණු අත්වල්
මගේ පුතා පිළිකා රෝගයකින් පෙලෙනවා අවුරුදු 5ක ඉඳලා. කවුරු මොනවා කිව්වත් අපේක්ෂා රෝහලේ තියන අඩුපාඩු කියලා වැඩක් නෑ... ඇත්තටම ඒ ආයතනය දුවන්නේ මිනිස්සුන්ගේ ආධාර වලින්. සමහර අම්මලා තාත්තලා ඈත පළාත්වලින් ඇවිල්ලා දරුවෝ තියාගෙන ඉඳලා ඒ ගොල්ලන්ගේ රස්සාවල් නැතිවෙලා හොඳින් ඉන්න දරුවන්වත් ජීවත් කරන්න බැරුව දුක් විඳිනවා. ආධාර කරන කිසිම කෙනෙකුටවත්, ආයතනයකටවත් නින්දා කරන්න එපා. ලැඛෙන මුදල නියාමනය කිරීම සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට වාර්තා කීරීම අවශ්‍ය නම් කරන්න පුළුවන්...
මෙතැන ඔබගේ වරදක් නෑ. කතරගම ලස්සන පූජා භූමියක්. පිරිසිදුයි. ගස් හිටුවලා, හැමතැතම තිබ්බ කුණු බක්කි අද නෑ. කපුවෝ හොරු බව රටම දන්නවා. එය හෙලිකරලා ආදායම මනාව කලමනාකරණය කළ නිසයි මේ උතුම් සේවය ඔබට කළ හැකි වුනේ. ඔබ වරද්දා ගත්තේ මොලේ නැති දේශපාලකයෙක් විවෘත කරන්නට ගෙන්වීම. ආගමක් කියන්නේ ඉතාම සංවේදී දෙයක්. මිනිසුන්ගේ විශ්වාස හා බැඳුනු තැනක්. රජයකුත් නොකළ වැඩක්... ඔබ කළා නම් එය අගය කිරීම් වෙනුවට තප්පුලෑම මෙයට හේතුව. නලින්ද ජයතිස්සට මොලේ නෑ කියලා, පලපුරුද්දක් නෑ කියලා, කටට බ්‍රේක් නෑ කියලා රටම දන්නවා දැන්. කෙනෙක් හොඳ වැඩක් කළාම ඒක අගය කරනවා වෙනුවට ගොන් කතා කියන්නේ මොලේ නැති මිනිස්සු..
නරපු එකට සැලියුට්... ඒත් ඒ අවුරුදු 2ක ඉඳන් කියනවනේ කරන්නේ.. ඉතුරු අවුරුදු 98ක් විතර කරපුවා නම් අපි අහලා නෑ.
ඔබ නිවැරදි නම් ඔබ ඔබගේ හදවතට අවංකව සහ එකඟව විශේෂයෙන් යුතුව මනුෂත්වය වෙනුවෙන් කටයුතු කරන්නේ නම් සොබාදහම විසින් ඔබව ආරක්ෂා කරනු ඇත. වරදක් කර ඇතිනම් දඬුවම් ලබාදෙනු ලැබෙන්නේ නීතිය මගිනි. සමාජ මාධ්‍ය හෝ විවිධ පුද්ගලයින් විවිධ අර්ථකතන ලබාදුන්නද ඔබ ඔබට අවංකව ඔබගේ සමාජ මෙහෙවර මිනිසුන් වෙනුවෙන් කරන්න.
හැබැයි දෙවුන්දර දේවාලෙ බස්නායක කාලේ රාජපක්ෂලාත් එක්ක එකට හිටියා, ඊට පෙරත් එහෙමයි. මිනිස්සු මැරිලා උපන්නේ නැහැ. සාගල සහ පූජිත අතර දුරකථන සංවාදය ලවුඩ්ස්පීකරයෙන් ඇහුණා අමතකද නිලමේ තුමා ගණින්න එපා කියලා...!
බස්නායක නිලමේතුමා, ඔබතුමාට අපහාස කරමින් කතා කළ අයට අනුකම්පා කරලා හරියන්නේ නෑ. රටක නීතියක් තියෙනවා. ඔය අනුකම්පාවෙන් සිද්ධ වෙන්නේ නීතිය වල් වැදීම. ඔය මිනිහා තව හොඳ වැඩ කරන පිරිසකට දිගින් දිගටම පහර දේවි. ඔබතුමාට අපහාස කිරීමට විරුද්ධව එකී යූටියුබ් චැනලයට (මාධ්‍යයට) විරුද්ධව කටයුතු කරන්න. රුපියල් බිලියනයක පමණ වන්දි මුදලක් ඉල්ලන්න. එම වන්දි මුදලත් රෝහලට පරිත්‍යාග කරන්න කියලා කියන්න.
සමාජ සේවය කරන්න තමන්ගේ මුදල්වලින්. අනුන්ගේ මුදල්වලින් කරලා ගෞරවය බලාපොරොත්තු වෙන්නේ ඇයි..?
අපේ රටේ සමහරු පුරුදු වෙලා තියෙන්නේ අවංකව හා සාධාරණව වැඩකරන අයට අවලාද නගන්නයි, බොරු චෝදනා එල්ල කරන්නයි විතරයි. මෙතුමා හොර පාරෙන් ගිය මුදල් එකතු කරලා ඉතාම වැදගත් මෙන්ම මානුෂීය වටිනාකමින් යුත් කාර්යක් ඉටු කෙරුවා. ඒකට විරුද්ධව අද එතුමාට චෝදනා කරන්නේ දූෂිතයන් හා ඔවුන්ගේ අනුගාමිකයින් පමණයි.
නිලමේකම අත ලොවන්න නොවේ නේද ගත්තේ...? මතකනේ කක්කා පෝර නැව් ගෙනාපු හිටපු බස්නායක නිලමේ ශෂීන්ද්‍ර උත්තමයා.
ඕවා ජෙප්පොන්ගේ ප්‍රමිති