IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සබරගමු පළාත් හිටපු ඇමැති රිමාන්ඩ්

(අජිත්ලාල් ශාන්ත උදය, රෝහණ සමරවීර සහ  ජයන්ත නානායක්කාර)

රුපියල් කෝටි හතක රාජ්‍ය මුදලක් වංචනිකව පරිහරණය කිරිම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම්, සංචාරක, ක්‍රීඩා හා යෞවන කටයුතු හිටපු අමාත්‍ය අතුල කුමාර රාහුබද්ධ  ඔක්තෝම්බර් මස 02 වැනි දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස ඇඹිලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත්  තිළිණ මහේෂ් පීරිස් මහතා අද නියෝග කළේය.

ලෙල්ලොපිටිය, වැලිමලුව හන්දිය, ගෝණකුඹුර යන ලිපිනයේ පදිංචි සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂා කිරීමේදී  නීතීඥයකු මාර්ගයෙන් මුල්‍ය හා අපරාධ විමර්ශන අංශ 03 වෙත ඉදිරිපත්වීමෙන් පසු අත්අඩංගුවට ගත්තේය.

සැකකරුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන්  ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙනෙනු ලැබීය. 

සබරගමු පළාත් මාර්ග අමාතයාංශය මගින් 2016-2017 වර්ෂවල වෙන්කරන ලද මුදල් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව ක්‍රියාකාරී ආයතනය ලෙස තෝරාගනිමින් සිදුකරන ලද ව්‍යාපෘති 77කට අදාලව ව්‍යාපෘති  සිදුනොකර රුපියල් 7,16,45,226.32ක මුදලක් සම්බන්ධයෙන් රජයට පාඩුවන අන්දමින් කටයුතු කරමින් කුමන්ත්‍රණය කිරිම මගින් පොදු දේපල පනතේ 5 -1 සමග කියවිය යුතු ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනතේ 386, 389 සහ 400 සහ ලංකා දණ්ඩ නිති සංග්‍රහ පනතේ 102 සහ 113 (අ) යන වරදවල් කර ඇති බවට සැකකරන නිසා හිටපු ඇමතිවරයා අත්අඩංගුවට ගත් බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැන්වූහ.



අදහස් (2)

සබරගමු පළාත් හිටපු ඇමැති රිමාන්ඩ්

යෝගා සහ ගුණරත්න ඩෝබි සමාගම Thursday, 18 September 2025 03:00 PM

කෝටි හතක රාජ්‍ය මුදල් වංචාවක්ලු... ඒ කියන්නේ පුංචිම පුංචි හාල්මැස්සෙක් මේ

:       1       33

Nimal Friday, 19 September 2025 07:04 AM

රාජ්‍යසේවයේ වාර්ෂිකව වැටුප් වැඩිකිරීමට ඉහල නිළධාරින්ට අවනත නොවූ අවස්තා තිබේද වැනි ප්‍රශ්න සමග බදවා ගැනීමේ බලතල ඇමතිමණ්ඩලය වෙත පැවරෙනවා. ලේකම්ට තනතුරේ ඉන්න පුලුවන් වෙන්නෙ ඇමතිගෙ මනාපෙ තියෙනතුරු පමනයි ඉතින් ඇමතියා කියනදේ ලේකම්ල කරන්නම ඕන ඊළගට ලේකම්ල කියනදේ පහල නිළධාරි කරන්න ඕන. ඉතින් දේශපාලුවො කියනදේ කරන අහිංසකයින්ට මුලින්ම දඩුවම් ලැබෙනවා. කොහොමහරි දූෂන වෙලා තියෙනවානම් අදාල දේශපාලුවන්ට දඩුවම් දෙනවානම් දූෂන අඩුවේවි

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 721 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 559 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 452 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site