IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


සබරගමුවේ විශේෂ මෙහෙයුමකින් 120ක් අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි)

සබරගමුව, රත්නපුර, ඇඹිලිපිටිය, සීතාවකපුර සහ කෑගල්ල පොලිස් කොට්ඨාස තුළ සිදුකළ විශේෂ මෙහෙයුම්වලදී සැකකරුවන් 120 දෙනකු ඊයේ (6) අත්අඩංගුවට ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

එහිදී හෙරොයින්, අයිස් මත්ද්‍රව්‍ය, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර බීමතින් රිය පැදවීම සම්බන්ධයෙන් සැකකරුවන් 19 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

එම විශේෂ මෙහෙයුමේදී වරෙන්තුකරුවෝ 23 ක්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.

අපරාධ වැළැක්වීම සදහා මෙම මෙහෙයුම ඊයේ රාත්‍රී 6.00 සිට 10.00 දක්වා ක්‍රියාත්මක විය.

මෙම මෙහෙයුම් සදහා පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය, යුද  හමුදාව ඇතුළු ආරක්ෂ අංශ නිලධාරීන් 900 කට වැඩි සංඛ්‍යාවක් සහභාගි වූහ.



අදහස් (0)

සබරගමුවේ විශේෂ මෙහෙයුමකින් 120ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 488 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2232 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1672 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site