IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සැප්තැම්බර් මස අලුත් වාහන 49,000ක් පාරට දාලා

(යොහාන් භාසුර)

නව මෝටර් රථ 49,000කට ආසන්න සංඛ්‍යාවක් පසුගිය සැප්තැම්බර් මස ලියාපදිංචි කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව පැවසීය.

සැප්තැම්බර් මස ලියාපදිංචි කළ මෝටර් රථ 48,957 මෙම වසරේ මාසයක් තුළ ලියාපදිංචි කළ වැඩිම නව මෝටර් රථ සංඛ්‍යාව බවත් මෙම වසරේ ජනවාරි මස 01 වැනිදා සිට සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා මාස නවයක කාලය තුළ නව මෝටර් රථ 220,538ක් ලියාපදිංචි කර ඇති බවත් එම දෙපාර්තමේන්තුව කීය.

සැප්තැම්බර් මාසය තුළ පමණක් යතුරුපැදි 32,845ක් ලියාපදිංචි කර ඇති අතර පසුගිය මාස 9 තුළ යතුරුපැදි 160,590ක් ලියාපදිංචි කර ඇති බවත් මෙම වසරේ පළමු මාස නවය තුළ කාර් රථ 37,115ක් සහ ත්‍රීරෝද රථ 8,820 ක් ලියාපදිංචි කර ඇති බවත් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (2)

සැප්තැම්බර් මස අලුත් වාහන 49,000ක් පාරට දාලා

Nishan Thursday, 09 October 2025 03:08 PM

වාහන ගෙන්වන එක පාලනය නොකළොත් නම් රටේ ආර්ථිකය ඉවරයි. වාහන ගෙන්වන්නෙත්, ඒ වාහනවලට ගහන්න ඉන්ධන ගෙන්වන්නෙත් රටේ ඩොලර් සංචිතය වියදම් කරලා. 2028 දී ණය ගෙවන්න පටන් ගන්නකොට තිබිය යුතු ඩොලර් සංචිත ප්‍රමාණය ලබා ගැනීම අද ලොකු අභියෝගයක් වෙලා. මාසෙට අළුතෙන් වාහන 49,000 ක් පාරට දැම්මාට පාරවල්වල පළල වැඩිවෙලා නෑ. වාහන තදබදය, ඒ නිසා නාස්තිවෙන කාලය, ඉන්ධන ප්‍රමාණය සහ පරිසර දූෂණය, එයින් හැදෙන ලෙඩ රෝග වැනි අතුරු හානි ගැන තක්සේරුවක් නෑ.

:       4       10

සුදු ඇඳගෙන කලු ඇවිදින් Thursday, 09 October 2025 04:40 PM

විදේශ ශ්‍රමිකයෝ බිලියන 7 ක් එව්වාට සැප ගන්නේ වෙන අය. ඒ වාහන වලට අවශ්‍ය වැඩිපුර ඉන්ධන ආනයනය කරලා... ඒ පාඩුවත් අවසානයේ වැඩි වෙන්නෙ සමස්ත පොදු ජනතාවගේ බස් ගාස්තුයි, ලයිට් බිලයි, අත්‍යාවශ්‍ය බඩු මිලයි තමයි. ඕක තමයි තිත්ත ඇත්ත...

:       3       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 11 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 814 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site