ෆයර්ෆ්ලයි ඒරෝස්පේස් නමැති ඇමෙරිකාවේ පෞද්ගලික ගගන සමාගම, සාර්ථකව සඳට යැවූ බ්ලූ ගෝස්ට් රොබෝ සඳ ගවේෂණ යානය, මේ වනවිට ඡායාරූප කීපයක් පෘථිවියට ලැබෙන්න සලස්වා ඇත.
එසේ එවනු ලැබූ මෙම ඡායාරූපයේ ඉහළින් කුඩාවට දකින්න ලැබෙන්නේ අප පෘථිවියයි. මෙම ඡායාරූපයේ බ්ලූ ගෝස්ට් යානයේ සෙවනැල්ල ද දකින්න ලැබෙයි. එය විශේෂත්වයකි.
යානයේ සම්පූර්ණ හැඩය සෙවනැල්ල මගින් දැක ගැනීමට හැකිය. යානයේ ඇන්ජිමත් දකින්න ලැබේ. ඊට අමතරව චන්ද්‍ර පෘෂ්ඨයේ පැහැදිලි දසුන් ද ඡායාරූපයෙන් දකින්න ලැබේ.
ඡායාරූපයේ පෘථිවිය තරමක් කුඩා අයුරින් දකින්න ලැබෙන්නේ, යානය භාවිතා කරන අල්ට්‍රා වයිඩ් Ultra Wide කැමරා කාච නිසාය. අප මෙම යානය ඇති තැන සිටින්නේ නම්, පෘථිවිය මීට වඩා විශාල අයුරින් දකින්න ලැබෙනු ඇත.
බ්ලූගෝස්ට් යානයට අල්ට්‍රා වයිඩ් කැමරා කාච සවි කර ඇත්තේ, පුළුල් ප්‍රදේශයක් ඡායාරූපයට නැගීමට අවශ්‍ය බැවිනි.
ස්තුතිය - නාසා ආයතනයට
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සඳට ගිය නිල් භූතයා ඡායාරූප එවලා
SIRI Sunday, 02 March 2025 10:00 PM
අපෙ කොලුවෙකුත් දුප්පත් මිනිස්සුන්ගෙන් එකතු කරගත්තු සල්ලි මිලියන ගානක් වියදම් කරලා එකවතාවක් රොකට් එකක් ඇරියා ඇරියාමයි කොයි ලෝකෙට ගියාද කියල යවපු එකාටවත් හොයාගන්න බැරිවුණා
ගුණරත්න Monday, 03 March 2025 08:17 AM
විප්ලවීය ජනතා විමුක්ති පෙරමුණේ අභිනව ජයග්‍රහණයට මගේ සුබ පැතුම්. රටේ සභාපති නායක සහෝදරයා මේ ආචාරය පිළිගන්නවා ඇති අපි උදක්ම බලාපොරොත්තු වෙමු. විප්ලවයට ජයවේවා!!!