(අංජුල මහික වීරරත්න)

සමගි ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 25 දෙනෙක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට  සහය පළ කිරීමට තීරණය කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

එම මන්ත්‍රීවරුන් අතුරින් එකොළොස් දෙනකු අද(11)රාත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා සමඟ විශේෂ

සාකච්ඡාවකට ද සහභාගී වී ඇත.

රට මුහුණ දී සිටින දැවැන්ත අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දැක්මක් සහිත නායකයෙකු අවශ්‍ය බව එම මන්ත්‍රීවරුන් සඳහන් කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග තහවුරු කරයි.

.