(නිමල කොඩිතුවක්කු)

2025 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය නැරඹීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද එක්විය.

මෙහිදී විපක්ෂනායකවරයා ප්‍රදර්ශනයේ තිබූ මැණික් හා ස්වර්ණාභරණ කුටි නිරීක්ෂණයට ද සහභාගී විය.

කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය මැණික් හා ස්වර්ණාභරණ නිෂ්පාදකයන් මෙන්ම විදේශීය රටවල් රැසක නිර්මාණකරුවන් රැසක් එක්ව සිටියේය.