
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ආසියා සංවර්ධන බැංකුවේ නියෝජිතයන් අතර හමුවක් ජනාධිපති කාර්යාලයේ දී අද(31)වන දා පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වේගවත් දියුණුවක් අත්කර ගනිමින් සිටින බව මෙහිදී ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයෝ සඳහන් කළහ.
ඒ අනුව ඉදිරියේදී ආසියානු සංවර්ධන බැංකුවේ දායකත්වයෙන් මෙරට සංචාරක කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් සැලසුම් කර තිබෙන නව ව්‍යාපෘති සම්බන්ධව ද මෙහිදී නියෝජිතයන් ජනාධිපති ලේකම්වරයා දැනුම්වත් කළේය.
නව සංචාරක කලාප ඇති කිරිමේදී සහ සංචාරක කර්මාන්තයේ ඉදිරි සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය ආයතනවල දායකත්වය විධිමත් හා කාර්යක්ෂම අන්දමින් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.
ආසියානු සංවර්ධන බැංකුවේ (SLRM), ශ්‍රී ලංකාව සඳහා වන මෙහෙයුම් ප්‍රධානී චොල්පොන් මැම්බෙටෝවා (Cholpon Mambetova), ජල හා නාගරික සංවර්ධන අධ්‍යක්ෂ( SG-WUD), ශ්‍රීනිවාස් සම්පත් ( Srinivas Sampath), ජ්‍යෙෂ්ඨ නාගරික සංවර්ධන විශේෂඥ /මෙහෙයුම් නායක එල්මා මොර්ෂෙඩා (Elma Morsheda), ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරී ( SG-WUD) පංචාලි ඇල්ලෙපොල, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් උපාලි රත්නායක, සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමනාකාර අධ්‍යක්ෂ පී. ඒ. ඩී දමයන්ති යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන බැංකුවෙන් සහාය දුන්නත් ලංකාවේ සංචාරක ව්‍යාපාරය කරන්න අපහසුවෙලා තිබෙන්නේ සුළු සහ මධ්‍යම පරිමාණ සංචාරක ව්‍යාපාරිකයා කරන සෑම දෙයටම අකුල් හෙලන්න බලන් ඉන්න දූෂිත රජයේ නිලධාරීන් නිසා. අපට එක එක බලපත්‍ර ගැනීමට විශාල කාලයක් රජයේ කාර්යාලවල රස්තියාදු වෙන්න සිදුවෙලා... ´එහෙම වුණාම ව්‍යාපාර කරන්න කාලයක් ඉතුරු වෙන්නේ නැහැ... කලාපේ වෙනත් රටවල මෙහෙම කරදර නැහැ. එම නිසා ඔවුන්ට මනස නිදහසේ තබාගෙන ව්‍යාපාර කරගෙන යන්න පුළුවන්..