IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


සංචාරක අධිකාරියෙන් පොරොන්දුවක්

(මනෝප්‍රිය ගුණසේකර)

නීති විරෝධී ලෙස සංචාරක මාර්ග උපදේශනයේ යෙදෙන සංචාරක මාර්ග උපදේශකයන්ට එරෙහිව කඩිනමින් නීතිමය පියවර ගන්නා බවට ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද (22) පොරොන්දු විය.

ග්‍රී ලංකා සංචාරක මාර්ග උපදේශක කථිකාචාර්යවරුන්ගේ සංගමය ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගත් අවස්ථාවේදී ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආචාර්ය අවංති පෙරේරා මහත්මිය එසේ පොරොන්දු වුවාය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්” තුරේරාජා” මහින්ද සමයවර්ධන සහ මේනකා විජේසුන්දර යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ශ්‍රේරේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීණි.

ශ්‍රී ලංකා සංචාරක මාර්ගෝපදේශ කථිකාචාර්යවරුන්ගේ සංගමය ගොනු කර ඇති මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ඇතුළු පිරිසක් නම් කර ඇත.

නීති විරෝධී සංචාරක මඟ පෙන්වන්නන් හේතුවෙන් සංචාර කර්මාන්තය සම්පූර්ණයෙන් බිඳවැටීමට ලක්වී ඇති හෙයින් ඒ සම්බන්ධයෙන් විධිමත් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය මෙම පෙතසම ගොනු කර ඇත.

පෙත්සම කැදවු අවස්ථාවේදී පෙත්සම්කාර සංගම වෙනුවෙන් පෙනීසිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු දක්වමින් නීති විරෝධී සංචාරක මාර්ග උපදේශිකයන් හේතුවෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටිමට ලක්වී විදෙස් වීනිමය රටට අහිමි වන තත්ත්වයක් උදාවී ඇති බවත් ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්  සුදුසු පියවර ගත යුතු බවත් පැවසීය.

වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිට නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය කරුණු දක්වමින් මේ සම්බන්ධයෙන් සංචාරක සංවර්ධන අධිකාරිය වෙනම කාර්යංශ්‍යයක් පිහිටවිමට  බලාපොරොත්තු වන බවත් ඒ සම්බන්ධයෙන් මාස තුනක් ඇතුළත කටයුතු කර අවශ්‍ය නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවට අධිකරණයට පොරොන්දු වුවාය.

ඒ අනුව පෙත්සම විභාගය අවසන් කෙරිණි.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්දනාත් දබරේ මහතා පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ආචාර්ය අවන්ති පේරෙරා මහත්මිය පෙනී සිටියාය”



අදහස් (1)

සංචාරක අධිකාරියෙන් පොරොන්දුවක්

Mora Wednesday, 23 July 2025 08:56 AM

පිට රටින් ඇවිත්, මෙහේ ගයිඩ් කරන එවුන්වයි , බිස්නස් කරන උන්වයි, අල්ලපල්ලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 372 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2166 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1643 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site