(අංජුල මහික වීරරත්න)
කොළඹ කාසල් වීදියේ ඉදි කෙරෙන සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ගොඩනැගිල්ලේ වැඩ කඩිනමින් අවසන් කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා උපදෙස් දුන්නේය.
දැනට විශාල කුලී මුදල් ප්‍රමාණයක් ගෙවමින් බාහිර ස්ථාන වල ස්ථාපිත කර ඇති සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආයතන කිහිපයක් ඉදිරි මාස 4 ක කාලය තුළ මෙම නව ගොඩනැගිල්ලේ ස්ථාපිත කිරීම සදහා සියලු ඉදිකිරීම් කටයුතු වේගවත් කිරීමට පියවර ගන්නා ලෙස ද එම පරිශ්‍රය නිරීක්ෂණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.
වර්ග අඩි 375,000 (තුන්ලක්ෂ හැත්තපන් දහස) කින් යුක්ත වන මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු අවසන් කිරීම සඳහා වත්මන් ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 13,500 ක් පමණ වේ. මෙම වර්ෂයේ මුල් කාර්තුව සදහා රුපියල් මිලියන 300 ක මුදලක් ඉදිකිරීම් සදහා වෙන් කිරීමට රජය පියවර ගෙන ඇති අතර, මෙම වර්ෂය තුළ මෙම ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු සදහා තවත් රුපියල් මිලියන 3000 ක මුදලක් වෙන් කිරීමට ද රජය අපේක්ෂා කරයි.
ඉන්දියාවෙන් ඇණවුම් කළ ලුණු මෙට්‍රික් ටොන් 20,000 න් පළමු තොගය ලබන සතියේදි දිවයිනට ළගා වීමට නියමිත බව ලංකා ලුණු සමාගමේ සභාපති ඩි.නන්දනතිලක මහතා පැවසීය.
ගල්කිස්ස අත්තිඩිය බේකරිය හන්දියේ හෝටලයක කෝකියෙකුට පහර දි ඝාතනය කර ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දිවයින පුරා මේ වසරේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 19901ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ලංකාදීපයට පැව
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ක
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව නිසි සක්‍යතා අධ්‍යයනයකින් තොරව රුපියල් කෝටි හැත්තෑවක වියදමින් අසාර්ථක කාබනික පොහොර ව්‍යාපෘතියක් අමාත්‍ය මණ්ඩලයේද
සීගිරිය ප්‍රදේශයේ දෙස් විදෙස් සංචාරකයන් පැමිණෙන සුපිරි හෝටලයක තිබී උණ්ඩ 40 ක් සොයාගත් බව සීගිරිය පොලිසිය පවසයි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සෞඛ්‍ය අමාත්‍යාංශයේ අලුත් නිවහන බලන්න ඇමති යයි