IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


ස්කෑන් යන්ත්‍රයක් රේගුවේ සිරවීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ගේ

(යොහාන් භාසුර)

කළුතර මහ රෝහලට ආනයනය කළ රුපියල් කෝටි 15ක් පමණ වටිනා සී.ටී. ස්කෑන් යන්ත්‍රය මාස එකහමාරක පමණ කාලයක් රේගුවේ රඳවා තබාගෙන සිටීමට හේතුව සෞඛ්‍ය අමාත්‍යාංශය එය නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි ඉදිරිපත් නොකිරීම බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (25) පැවසීය.

සී.ටී. ස්කෑන් යන්ත්‍රයක් රෙගුවෙන් නිදහස් කර ගැනීමට නම් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය අනිවාර්ය බවත් මීට පෙර ආනයනය කළ මෙවැනිම යන්ත්‍රයක් අවශ්‍ය ලියකියවිල ඉදිරිපත් නොකිරීම හේතුවෙන් මාස ගණනක් රේගුවේ රඳවා ගැනීමට සිදුවූ බවත් අරුක්ගොඩ මහතා කීය.

අදාළ යන්ත්‍රය වරායට ළඟා වූ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය ලියකිවිලි ඉදිරිපත් කරන්නේ නම් රේගු දෙපාර්තමේන්තුවෙන් ප්‍රමාදයක් නොවන බව කී සීවලී අරුක්ගොඩ මහතා එම ප්‍රමාදයේ වගකීම සෞඛ්‍ය අමාත්‍යාංශය සම්පූර්ණයෙන්ම ගතයුතු බවද සඳහන් කළේය.
 



අදහස් (7)

ස්කෑන් යන්ත්‍රයක් රේගුවේ සිරවීමේ වගකීම සෞඛ්‍ය බලධාරීන්ගේ

Lalla Tuesday, 25 March 2025 09:14 PM

රාජ්‍ය ආයතනවලට ගෙන්වන බඩු තම ලොකුකම පෙන්නන්න වරායේ රඳවා තබාගැනීම කැත නැතිද?

:       1       1

ගුණරත්න Tuesday, 25 March 2025 09:35 PM

ගිය ආණ්ඩුව කාලේ මෙහෙම දෙයක් වුනා නම් බලාගන්න තිබ්බා මාලිමාවුන්ගේ බෙරිහන් දීම්

:       4       24

Bandu Tuesday, 25 March 2025 10:03 PM

රටේ තත්ත්වය මේවා බලද්දී හිතන්න පුළුවන් .මේක ලංකාවව ආ විගස එය රෝහලේ සවි කලා නම් ලෙඩුන් කී දෙනකුගේ දරුණු ලෙඩවල් හොයාගන්න තිබුන ද..දැන් මේක අරගෙන ගිහින් තව අවුරුද්ද ක් යයි සවි කරන්න.ඒ ආකාරයට තමයි අපේ රටවල් හැදිලා තියෙන්නේ .

:       0       18

pavi Wednesday, 26 March 2025 02:06 AM

GMOA එකට වැඩ තියෙනව. පුලුවන් උනොත් බලයි.

:       4       5

PGPThilak Wednesday, 26 March 2025 04:09 AM

අත් ට්‍රැක්ටර් ගෙනෙන්න අනුමැතියට බෙන්ස් කාර් තොපි නිදහස් කරනවා! මැරෙන්න යන මිනිස්සු බේරා ගන්න ගේන යන්ත්‍රයට අර අනුමැතිය මේ අනුමැතිය ඉල්ලලා කඹ අදිමින් රණ්ඩු වෙනවා! තොපිට ඕනැ අනූමැති නෙවෙයි පගාව! දූෂිත තොපිට බෙහෙත් දෙන්න අනූරයට පණ නෑ!

:       1       21

Thoththababa Wednesday, 26 March 2025 06:13 AM

රේගුව කියන්නෙ රජයේ දෙපාර්තමේන්තුවක් වගේම සෞඛ්‍යය කියන්නෙත් රජයේ දෙපාර්තමේන්තුවක් නම් ලංකාවෙ සෞඛ්‍යය කියන්නෙ නොමිලයේ සපයන සේවාවක් නම් මොන කෙංගෙඩියකටද රේගු ගාස්තු ගෙවන්නෙ. ඒක හරියට ලංකාව කියන්නෙ පුද්ගලයෙක් නම් ඔහුගේ එක් සාක්කුවක තියෙන මුදල් අනෙක් සාක්කුවට දානවා වගේ වැඩක් කියල නොතේරෙන්නෙ මොකෝ මහත්තෙයෝ. ගිණුම්කරණයේදී ඒවා නිරවුල් කරන්න පුළුවන් ක්‍රමයක් නැද්ද ..දැන් බලන්න ඔය යන්ත්‍රය ගෙනවිත් කාලයක් වෙනවා .ඒක දිරාගියාම වෙන්නෙ රටේ විදේශ සංචිත නාස්තියක් පමණක් කියල තේරුම්ගන්න පුළුවන් කෙනෙක් කවුරුත් නැද්ද

:       1       8

අරවින්ද මොණරවිල Wednesday, 26 March 2025 01:48 PM

සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම රේගුවත් දැනගන්න ඕනෑ රටට අත්‍යාවශ්‍ය මෙවැනි උපකරණ ඉක්මනින් නිදහස් කරන්න, වගේම කර ගන්න. ඒකට එයාට මෙයාට ඇඟිල්ල දික්කරලා වැඩක් නැහැ. සමහර විට මේක ගුණරත්නලා, යෝගලා හා බකලා ජයාලගේ නායකයෝ කොමිස් ගහන්න ගෙනාව ප්‍රමිතීන් තොර ස්කෑන් යන්ත්‍රයක් නිසා ඖෂධ නියාමන අධිකාරියේ අවසර ගන්න බැරි වෙලාද දන්නේ නැහැ. ඒ ගැනත් හොයලා බලන්න වෙනවා අලුත් ආණ්ඩුවට!!

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ප්‍රධාන පොලිස් පරීක්ෂක මහකුමාර මහතා දිවියට සමුදෙයි
2025 මැයි මස 09 94 0

වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.


ජොන්ස්ටන්ට පොහොට්ටුවේ ලොකු පුටුවක්
2025 මැයි මස 09 248 0

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.


වලල්ලාවිට හිටපු සභාපති උදේනිට ඇප
2025 මැයි මස 09 55 0

වලල්ලාවිට ප්‍රාදේශීය හිටපු සභාපති පාලන කාලයේ විකිණීම සඳහා සංවර්ධනය කරනු ලබන ඉඩම්වලට අනුමැතිය දීමට රුපියල් 6730000.00 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන සිද්ධියක්


වලල්ලාවිට හිටපු ප්‍රා. සභාපති අත්අඩංගුවට
2025 මැයි මස 09 89 0

වලල්ලාවිට ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අතු කෝරළ දොන් උදේනි ප්‍රියංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (9


ජීව උණ්ඩ සමග දෙකක් මාට්ටු
2025 මැයි මස 09 130 0

විවිධ ප්‍රමාණයේ ජීව උණ්ඩ 120 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබූ බව ගම්පහ මූලස්ථාන පොලීසිය සදහන් කරයි.


මන්ත්‍රී යෝජනා 5ක් සම්මතයි
2025 මැයි මස 09 448 0

පෞද්ගලික මන්ත්‍රී යෝජනා 5ක් පාර්ලිමේන්තුවේදි අද පස්වරැවේ සම්මත විය


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 27 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1294 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 333 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site