
(ගයාන් සූරිය ආරච්චි)
පානදුර දකුණ ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා පුද්ගලයකුට තුවාල සිදුකිරීම සම්බන්ධ පැදිකරු ලෙස ක්‍රියාකළ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිසිය මහජන සහාය ඉල්ලයි.
මෙම සැකකරු පානදුර පදිංචි පල්ලේවෙල ගොඩකන්දගේ රජිව් සුරාජ් චාමර නැමැත්තකු බව පොලිසිය පවසයි.
සැකකරු පදිංචි ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු පිළිබදව යම් තොරතුරක් ඇත්නම් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාට 0758900009 යන දුරකතන අංකයට අමතා දැනුම්දෙන ලෙස පොලිස් මූලස්ථානය ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd