IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

(රෝෂන් තුෂාර)

  කිරිඉබ්බන්වැව පිහිටි මහවැලි අධිකාරියට අයත් ඉඩමක ඉදිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන කාර්යාලය අරගල කරුවන් විසින්  2022 දී ගිනිබත්  කිරීමෙන් සිදුවූ හානියට රුපියල් 8850000.00ක වන්දි මුදලක් රජයේ නිලධාරීන්ට බලපෑම් කර ලබා ගනිමින් රාජ්‍ය දේපළ  සාපරාදී සාවද්‍ය පරිහරණය කරන ලදැයි  කියන   හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා ලබන 12 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට   කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා ඊයේ(29) නියෝග කළේය.

 අල්ලස් කොමිෂමේ ඉල්ලීම පරිදි සැකකරුව නඩු විභාගය අවසන් වන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන බව දන්වා සිටී මහේස්ත්‍රාත්වරයා ලබන දොළොස්වැනි දින සාක්ෂි සම්පීඩන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

සෙවනගල, කිරිඉබ්බන් වැව,සමගි පුර පිහිටි  මහවැලි අධිකාරියට අයත් ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති දේශපාලන කාර්යාලය ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත් කිරීමෙන් අනතුරුව එම දේපළ රජයේ බව දැන දැනම වෙනත් පුද්ගලයෙකු යොදවා  වන්දි මුදල් ලබා ගැනීම ඇතුළු පොදු දේපළ පණතේ චෝදනා යටතේ ගැනෙන වැරැදි සිදු කර ඇති බවට  ඇති බවට සඳහන් කරමින් අල්ලස් කොමිසම මගින්   සිදු කරන විමර්ශනයන්ට අදාළව මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.



අදහස් (2)

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්

පිටිගල මිලානෝ Friday, 29 August 2025 03:45 PM

එතනෝල් හාමිනේ නමින් ප්‍රකට දැනට ඕස්ට්‍රේලියාවට පලාගොස් සිටින මොහුගේ බිරිද මාතලේ වසන්ත ලක්ෂ්මන් සමඟ හරි හරියට එතනෝල් ගෙන්නුවා අරක්කු පෙරන්න ඒ දවස්වල. මේ ගැනත් සොයන්න. මේවායේ බොහෝ දූෂණ තිබෙනවා.

:       1       14

ගමේ එකාලා Friday, 29 August 2025 05:11 PM

තමුන්ගේ ළගම නෑයෙක් හිරේ ඉන්නවා. නිකමටවත් ඔවුන් එකෙක් වත් බලන්ඩ ආවාද? හොර පෙරකදෝරුවා නම් රනිල්ව රකින්න පොර ටෝක් දෙනවා...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 460 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16941 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 669 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site