IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු හවුල්කාරිත්වයෙන් වාසි ගොඩක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු සමූහය ඇතිකරගත් ඩොලර් මිලියන 100ක නව හවුල්කාරීත්වයෙන් ශ්‍රී ලංකාව පුරා සිටින 380,000 ක ජනතාවකට ප්‍රතිලාභ අත්වනු ඇතැයි ලෝක බැංකුව ප්‍රකාශ කළේය.

ග්‍රාමීය ජීවනෝපායන්, නව රැකියා උත්පාදනය සහ කෘෂි ආහාර අංශය දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීම ඉලක්ක කර ගනිමින් ශ්‍රී ලංකාව සමග නව හවුල්කාරීත්වය ඇතිකර ගත් බව ලෝක බැංකු සමූහය පැවැසුවේය.

ඩොලර් මිලියන 100 ක මූල්‍ය සහාය යටතේ ඇරැඹෙන ග්‍රාමීය හා නාගරික සංවර්ධන සහ දේශගුණික විපර්යාසවලට ඔරොත්තු දීම වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය මෙරට කෘෂි ආහාර නිෂ්පාදකයින් 8000 කට සෘජුව සහාය ලබා දෙනු ඇති බවත් හෙක්ටයාර 71,000 ක භූමි ප්‍රමාණයක වාරිමාර්ග හා ජලාපවහන සේවා වැඩිදියුණු කරනු ඇති බවත් ලෝක බැංකු සමූහය ප්‍රකාශ කළේය.

එසේම වැඩසටහන මගින් කුඩා ඉඩ ප්‍රමාණයක් සහිත ගොවීන්ට අස්වැන්න වැඩි කරන සහ පාඩු අවම කරන නවීන, දේශගුණික-බුද්ධිමත් කෘෂිකාර්මික පිළිවෙත් අනුගමනය කිරීමට සහාය ලබාදෙනු ඇති බවත් ලෝක බැංකු සමූහය පැවැසුවේය.

 



අදහස් (1)

ශ්‍රී ලංකාව සහ ලෝක බැංකු හවුල්කාරිත්වයෙන් වාසි ගොඩක්

ගුණරත්න Wednesday, 10 September 2025 11:04 AM

ඉස්සර නම් ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කිව්වම ලිප්ටන් වට රවුමේ ජවිපෙ පෝස්ටර් බැනර් උස්සගෙන උද්ගෝෂණ. දැන් ජවිපෙ නායකයෝ ඒ ආයතනවලින් ලැබෙන වාසි ගැන දේශනා කරනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 919 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site