
(යොහාන් භාසුර)
ගොවි ව්‍යාපාර රැසක වී අස්වැන්න මේ දක්වා නෙළීම ආරම්භ කර නොමැති බවත් වී අස්වැන්න නෙළීම අඛණ්ඩව සිදුවන විට ගොවීන් රජයේ කොටස වී අළෙවි මණ්ඩලයට අළෙවි කරනු ඇති බවත් වී අළෙවි මණ්ඩලයේ සභාපති ඒ. එම්. යූ. පින්නලන්ද මහතා අද (10) පැවසීය.
වී අළෙවි මණ්ඩලය සතු ගබඩා වී මිලදීගැනීම සඳහා සූදානම් කර ඇති බවත් ප්‍රයෝජනයට ගතනොහැකි තත්වයට පත්ව තිබූ එම ගබඩාවලින් වැඩි සංඛ්‍යාවක් ගොවි සංවිධානවල මැදිහත්වීමෙන්ම නැවත ප්‍රයෝජනයට ගතහැකි තත්වයට පත්කළ බවත් පින්නලන්ද මහතා කීය.
ගොවි ජනතාව නැවත සකස් කළ ගබඩාවලට එම ජනතාව වී අළෙවි කරනු ඇතැයි බලාපොරොත්තු වන කී පින්නලන්ද මහතා තවත් විශාල වී තොගයක් නෙළීමට ඉතිරිව ඇති බව ද සඳහන් කළේය.
වී කිලෝවකට රුපියල් 120 ක මිලක් ලැබීම ගොවිජනතාවට කළ හොඳ දිරිගැන්වීමක් බවත් ගොවි ජනතාව ඒ පිළිබඳව අවදානය යොමුකරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් පින්නලන්ද මහතා වැඩි දුරටත් පැවසීය.
වී අළෙවි මණ්ඩලය මෙම මස 6 වැනිදා වී මිලදීගැනීම ආරම්භ කළ කිසිඳු ගොවියෙක් ඊයේ පස්වරුව දක්වා එම මණ්ඩලයට වී අළෙවි කර නොතිබුණි.
අස්වැන්න නෙළන ප්‍රදේශවල ගොවීන් වී අළෙවි මණ්ඩලය මිලදීගන්නා මිලට වඩා වැඩි මිලට වී අළෙවි කරන බවත් පෞද්ගලික අංශය රජයේ මිලට වඩා වැඩි මිලට වී මිලදීගන්නා බවත් ගොවි සංවිධාන පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෝඨා ආණ්ඩු කරන සමයේ පොහොර සහනාධාරය ලබන ගොවීන්ගෙන් ඉල්ලීමක් කළේය. තමන්ගේ අස්වැන්නෙන් කොටසක් රජයට ලබා දෙන ලෙසයි. නමුත් ඒ වෙලේ ජවිපෙය පොළොවේ පස් කෑවේ වැඩි මිලට වී මිල දී ගන්නා පුද්ගලික වෙළෙදුන්ට වී අලෙවි කිරීමට ගොවීන්ට අවස්ථාව දිය යුතු බවටයි. එය දැන් පාරා වළල්ලක් වී මේ බොරුකාර මාලිමා ආණ්ඩුවට වැදී ඇත. දිට්ඨ ධම්මවේදනීය කර්මය!
ආණ්ඩුවට ඉතා කෙටි කලක් තුල බලය ගන්න කී බොරු වැමෑරීමටත්, කල සියල්ල පල දීමටත් පටන් ගෙන ඇත.
මැක්ස් සහ කරෝලිස් පොලවේ පස් කෑවාද? ගෝඨා සහ රනිල් කිසිදා බලයට එන්නේ නැත. එම මාදිළියේ පාලන මේ රටට අනවශ්‍ය බව ජනතාව තීරණය කර ඇත. රටේ විශාල වෙනසක් ඇතිවෙමින් පවතියි. ඒවා අතර හාල් පොල් වැදගත් නැත. මේ ඇසෙන්නේ පරණ ක්‍රමයට බඩ වඩාගත් අයගේ අඳෝනාවයි.
පෙර මැතිවරණයට පෙර ඔවුන් කී බොරු නොතකා NPP ප්‍රමුඛ පසුගාමී ආවරණ දේශපාලන පක්ෂයට මෙම අභියෝගයන්ට මුහුණ දීමට සිදුවීම මහත් සරදමකි. කෙසේ වෙතත්, මැදිහත්කරු සහ ඊනියා ගොවියා යන දෙදෙනාම සාන්තු හෝ ඉතා දයාවන්ත මිනිසුන් නොවේ. ඔවුන්ට අවශ්‍ය රජය සහ ජනතාවම කොල්ලකෑමටයි. ලියාපදිංචි වී ඇති ගොවීන්ගෙන් වී අස්වැන්නෙන් ප්‍රමාණාත්මක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා රජය විසින් නීති කිහිපයක් හඳුන්වා දීම නුවණට හුරුයි. කෙසේ වෙතත්, වී බෝඩ් එකේ වාඩි වී සිටින රජයේ කූඩැල්ලන් ගොවීන් කාර්යාලයේ දොරකඩට ගෙන එන තෙක් කාමරයට වී බලා සිටිය යුතු නැත. ඔවුන් ගොවියා වෙත ගොස් ඒවා මිලදීගත යුතුයි. එහෙත්, මෙය බොහෝ චක්‍රලේඛවලින් ඔතා ඇති අකාර්යක්ෂම හා කාර්යක්ෂම පෞද්ගලික අංශයේ ප්‍රශ්නයයි. කොහොමත් 1kg එහෙමත් නැතිනම් හාල් හදන්න ඕන වී කිලෝ 2ක් තියෙනවා කියලා දැනගන්න ඕනැ. ඉතින්, එන කන්නයේ මිල 250 ට වඩා වැඩි වනු ඇත. ශ්‍රී ලංකාවට දෙවි පිහිටයි.
තව ටික දවසකින් ගොවියෝ වී ගෙනාවා ඇඩෙන්ඩ වී මණ්ඩලයට හැබැයි පස්සේ කියන්ඩ එපා ගෙනල්ලා වී ගන්ඩ සල්ලි නෑ කියලා
පෞද්ගලික අංශය ඇඹුල, විට, කහට කෝප්පය ඇතුළු සියලුම වියදම්වලට ගෙවන නිසා වී අලෙවි මණ්ඩලයට තරග කිරීමට බැරිය.