
(අංජුල මහික වීරරත්න)
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මධ්‍යම කඳුකරය ආරක්ෂා කරමින් පෝෂණය කිරීමට නව අධිකාරියක් පිහිටුවන බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට අද (27) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී එක් වෙමිනි.
දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 6ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන15කට අර්ධ හානි සිදුව තිබේ.
ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානය යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක් විය.
දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිද්‍යාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත්, ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහ සබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැගීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd