
(විමුක්ති එස් රුද්‍රිගු)
තවත් රටවල් 40 ක සංචාරකයන් සඳහා වීසා ගාස්තු නිදහස් කිරීමට රජය ගත් මෑත කාලීන තීරණය නිවැරදි තීරණයක් බවත් සංචාරක ව්‍යාපාරය හරහා මෙරටට ඇති ආර්ථික අවස්ථා සම්පූර්ණයෙන්ම විවෘත කර ගැනීම සඳහා වීසා ලබාදීමේ ක්‍රියාවලිය පුළුල් ලෙස ලිහිල් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඇඩ්වොකාටා ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පසුගියදා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව මෙම වසරේදී සංචාරකයන් ලක්ෂ 30 ක සංචාරකයන් පිරිසක් මෙරටට ගෙන්වා ගැනීමට බලාපොරොත්තු වන බවත් සංචාරකයන්ට හිතකර පරිසරයක් සමග ඒකාබද්ධ වූ විවෘත, පැහැදිලි සහ ස්ථාවර වීසා ප්‍රතිපත්තියක් තිබීම, ආයෝජනයන්ට හිතකර නියාමනයන් ක්‍රියාත්මක වීම සහ ඉහළ පෙළේ සංචාරකයින් ඉලක්ක කිරීම එම ඉලක්කය සපුරා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය බව තම ආයතනය විශ්වාස කරන බවත් ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩ්වොකාටා ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ධනනාත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර සිටියේ රටවල් 40 කට නිදහස් වීසා පහසුකම් ලබාදීමට රජය ගත් ප්‍රතිපත්තිමය තීරණය නිවැරදි දිශාවට ගත් තීරණයක් බවයි.
සංචාරක ව්‍යාපාරය යනු ශ්‍රී ලංකාවේ ක්ෂණික රැකියා උත්පාදනය කිරීමට හැකියාව තිබෙන සහ ආර්ථිකයට ධනාත්මකව වර්ධනය වීමට ඉහළ බලපෑමක් එල්ල කළ හැකි අංශ කීපයෙන් එකක් බවද ඔහු පැවැසුවේය.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීසා ගාස්තු නිදහස් කිරීම නිවැරදි තීරණයක්
Aruna Sunday, 10 August 2025 10:27 PM
මේවා කිසිම අත්දැකීම් නැති තර්කයක් නැති පායෝගික නැති මිනිස්සු කාලේ කන්න කියක කථා. වීසා ගාස්තුවක් වාගේ සොච්චම් ගානක් හිතල රටකට යන-එන තීරණය කරන මිනිස්සු කවදාවත් සංචාරකයෝ වෙන්නේ නෑ. ඔවුන් එන්නේ වියදම් කරන්න බලාගන රටවල් බලන අසාවෙන් -