IMG-LOGO

වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට

(අංජුල මහික වීරරත්න)

රජයේ මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශය  2025 පළමු වන කාර්තුව සඳහා වන ප්‍රකාශය අමාත්‍ය මණ්ඩලයේ සැලකිල්ලට ගෙන තිබේ.

2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනතේ 53 (1) වගන්තිය අනුව අවම වශයෙන් කාර්තුමය පදනමක් මත මුදල් විෂය බාර අමාත්‍යවරයා විසින් රජයේ ආදායම් සහ වියදම් ඇතුළු මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ ප්‍රකාශයක් කාර්තුව අවසන් වී දින 45 කට නොඅඩු කාලයක් තුළ දී අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතුය. 

එම විධිවිධාන පරිදි 2025-03-31 දිනෙන් අවසන් වන 2025 වර්ෂයේ පළමු වන කාර්තුව සඳහා වන මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය 2025-05-15 දින හෝ ඊට පෙර අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ යුතු වේ. 

ඒ අනුව, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ 2025 වාර්ෂික අයවැය ඇස්තමේන්තුවල දක්වා ඇති වර්ගීකරණයන් මත පදනම්ව 2025-01-01 දින සිට 2025-03-31 දින දක්වා වන 2025 වර්ෂයේ පළමු වන කාර්තුවට අදාළ සියලුම විශේෂ වියදම් ඒකක, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල මඟින් වාර්තාකරන ලද පහත සඳහන් සමුච්චිත ආදායම් සහ වියදම් ඇතුළත් කරමින් සකස් කරනු ලැබ ඇති මූල්‍ය කාර්ය සාධනය පිළිබඳ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.



අදහස් (0)

වසරේ පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධන ප්‍රකාශය කැබිනට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 103 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 497 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 262 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site