
(අංජුල මහික වීරරත්න)
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය තුළින් වසරකට සෞඛ්‍ය වෘත්තිකයන් 1000 කට අධික පිරිසක් පුහුණු කිරීමට අවශ්‍ය ඉදිරි සැලසුම් කඩිනමින් සකස් කරන ලෙසට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේ ය.
කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතන පරිශ්‍රයේ ඉදිකළ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කීය.
ප්‍රාථමික සෞඛ්‍ය සවිබල ගැන්වීමේ ව්‍යාපෘතියේ ලක්ෂ 280 ක මූල්‍ය දායකත්වයෙන් ඉදිකළ මෙම ගොඩනැගිලි සංකීර්ණයේ බිම් මහල ඖෂධ ගබඩාවකට සරිලන පරිදි ඉදිකර ඇති අතර පළමු මහල දේශන ශාලාවකට යෝග්‍ය වන පරිදි නිර්මාණය කර ඇත. දේශණ ශාලාව තුළ එකවර 200 කට පහසුවෙන් දේශණවලට සවන්දීමේ හැකියාව පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකර නියාමනයක් ඇතිව පුද්ගලික වෛද්‍යවිද්‍යාල ඇති කරන්න. දොස්තර අධිකාරිය අහෝසි නොකර සෞඛ්‍ය සේවය හදන්න බෑ. රටට ඩොලර් ඉතුරු කරන්න. ආසියාවෙ සියලුම රටවල් දන් දැන් පුද්ගලික වෛද්‍ය විදායල දානව.
යුරෝපයේ ඇමෙරිකාවේ රෝහල් සේවාවන්ට තවත් පොට්ට චාන්ස් එකක් ලැබෙන්නයි යන්නේ. අපි පිනට පුහුණු කරනවා. ඒගොල්ලෝ රස්සාවල් වලට බඳවා ගන්නවා. හරි ෂෝක්
දැනටත් හෙදියන්, පරිපූරක වෛද්‍යය නිලධාරීන් සහ වෛද්‍යවරුන් දාහකට වඩා අවුරුදු පතා පුහුණු වී පැමිණෙනවා, එක අමුතු දෙයක් නෙවෙයි. මොරටුව විශ්ව විද්‍යාලයෙනුත් දැන් වෛද්‍යවරු පුහුණු කරනවා. එත් මේ පාන්කඩ වැඩබැරි මලිමාවුන් කරන්නේ ඒ පුහුණු නිළධාරීන්ට ඉන්න බැරි කරවන එක මිසක් මෙහෙ ආකර්ශනීය කරන එක නෙවෙයි.