IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වැසිකිළි වලක් පුපුරා අයෙක් මරුට

( ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දීයගහගේ)

තම නිවසේ වැසිකිළි වලට කාබයිට් නමැති රසායනික ද්‍රව්‍ය යොදමින් සිටියදි වැසිකිළිවල පුපුරා යමෙන් එම පුද්ගලයා තුවාල  ලබා මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමක සේවය කරනු ලන  පිලාන වංචාවල ඩබ්ලිව්.ජී.මනෝජ් නිශාන්ත නමැති 54 හැවිරිදි පුද්ගලයෙකි.

ඔහු වැසිකිළි වලේ අපද්‍රව්‍ය දිරා යාමත් දුර්ගන්ධය නැති කිරිමත් සදහා වැසිකිලි වලට කාබයිට් රසායනික ද්‍රව්‍ය දමමින් සිටියදි එක් වරම වැසිකිළිවල පුපුරා යාමෙන් ඔහු තුවාල ලබා ඇත.

පසුව අසල්වාසින් විසින් ඔහු කරාපිටිය රෝහල වෙත ගෙන ගොස් ඇති අතර රෝහලට ඇතුලු කරණ අවස්ථාවේම මියගොස් ඇත.

 



අදහස් (3)

වැසිකිළි වලක් පුපුරා අයෙක් මරුට

සෙනෙවිරත්න Monday, 13 October 2025 10:40 AM

ජලයට කාබයිට් එකතු උනහම ඇසිටලින් කියන වායුව හැදෙනව, ඒක වහා ගිනිගන්නා වායුවක්, ඒක නොදත් රසායනික කම්හලේ මනුස්සයා හරිම කනගාටුයි.

:       0       0

ගුණරත්න Monday, 13 October 2025 01:28 PM

ටොයිලට් වලට කාබයිඩ් දාන්න එපා. කාබයිඩ් වතුර සමග ප්‍රතික්‍රියා කරලා ඇසිටිලීන් වායුව හදනවා. මේක තමා ගෑස් වෙල්ඩින් කරන්න ගන්න වායුව. ඉතින් ඕක පුපුරන එක පුදුමයක් නෙවේ. බටය බ්ලොක් වෙලා නම් වල සුද්ද කරලා ඊට පස්සේ ළඟ පාත ගස් මුල් මගින් බටෙය බ්ලොක් වෙලාද බලන්න.

:       0       0

මනෝජි ආරි Monday, 13 October 2025 01:30 PM

කාබයිට් ජලයට එක් කළාම ඇසිටිලීන් වායුව හැදෙනවා. එය වහා ගිනිගන්නවා. කුඩා ගිනි පුපුරක් ඇති ඒකට. අතේ යකඩයක් තිබිලා ගලක හැපුණත් ඒ ඇති ගිනි ගන්න. මේ මනුස්සයාට වැරදි උපදෙස් දුන් කෙනා අත් අඩංගුවට ගන්න.

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site