(ගයාන් සූරියආරච්චි, ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය සහ බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2 ක් විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.
ඒ අනුව ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායමක් සහ දෙහිවල පොලිසියේ පොලිස් කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන සිදුකරයි.
මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සැකකරුවකු පැමිණෙන බවට පොලිසියට ලද තොරතුරකට අනුව බඩෝවිට පොලිස් මුරපොළේ රාජකාරී කරමින් සිටි ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවකු පරීක්ෂා කර ඇත.
අනතුරුව එම සැකකරු දැනට සිරදඩුවම් විදින සමන් කුමාර නොහොත් වෙලේ සුදා නැමැත්තාගේ සහෝදරයා බවට පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබුණි.
ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහු පලායාමට සූදානම්වීමේදී කොස්තාපල්වරයකු ඔහු අල්ලා ගැනීමට යාමේදී ඇති වූ පොර බැදීමකදී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් කොස්තාපල්වරයකුගේ උදරය සහ අත කැපීමට ලක්ව තිබූ බවත් තුවාල ලැබූ කොස්තාපල්වරයා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පැවැසීය.
සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා ඊයේ (15) බඩෝවිට 3 වැනි අදියර ප්‍රදේශය පොලිසිය වටලා තිබූ අතර කෙසේ වෙතත් සැකකරු පොලිසිය මගහරිමින් පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
කෙසේ වෙතත් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් විමර්ශන ආරම්භ කර ඇත.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
වෙලේ සුදාගේ මල්ලී සොයා පොලිස් කණ්ඩායම් දෙකක්
Ashvida Monday, 17 March 2025 09:03 AM
අනේ අඩු තරමේ මෙයාවවත් අල්ලන්ඩකෝ නැත්නම් මේක දැන් පුරුද්දට යනවා