
(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
විල්පත්තුව ජාතික වන උද්‍යානයෙ දමන ප්‍රදේශයෙ වගුරු බිමක දැඩි ආරක්ෂීත ගල් ඉබ්බන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව වනජීවී නිලධාරීන් කියයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානයේ කුකුල්කටුව වනජීවි කාර්යාල නිළධාරීන් මෙම වැටලීම සිදු කර තිබේ.
අත් අඩංගුවට ගෙන ඇත්තේ ඊච්චකුලම,රණවරාව , හා ඔයාමඩුව යන ප්‍රදේශ වල පදිංචි අවුරුදු 52,57,20,34, සිමාවල සිව් දෙනෙකු බව කියයි. ගල් ඉබ්බා දැඩි ආරක්ෂීත සතෙකු බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියවන්නාවේ ගියා නම් ගල් ඉබ්බන් 159 දෙනෙකුම බලාගන්න පුලුවන්. උන් කට්ටෙන් එලියට එන්නේ ටිල්වින් සීයා අවසර දුන්නොත් විතරයි. එක ඉබ්බියක් කිව්වා උන්ට ඇටිකෙහෙලක් වත් හම්බවෙන්නේ නෑ කියලා. පවු අසරණ ජීවිත.
සත්ව හිංසනයට දැඩි දඩුවම් කිරීම වග බලා ගත යුතුය. උපරිම වසර 10 ක් වත් වෙනත් අයට පෙනෙන ආකාරයට. මෙවැනි දෙවල් නතර කිරීමට.