
(නිමල් ජයරත්න )
පොළොන්නරුව වැලිකන්ද ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයට අද(07 ) එල්ල වූ වන අලි ප්‍රහාරයකින් විද්‍යාලයේ දේපළවලට දැඩි ලෙස හානි සිදුව ඇති බව විද්‍යාලයේ ගුරුවරු සඳහන් කරති.
වන අලියකු පහරදීමෙන් විද්‍යාලයේ ගොඩනැගිලිවල ජනේලයක්, ගොඩනැගිලිවල බිත්ති කීපයක්, සහ ළමා උද්‍යානයට දැඩි ලෙස හානි සිදුවී ඇති බව විද්‍යාලාධිපති පූජ්‍ය දෙල්විට මෙත්තාලංකාර නාහිමියෝ සඳහන් කළහ.
තමන් මේ පිළිබඳ දිඹුලාගල අධ්‍යාපන කලාපයේ අධ්‍යක්ෂවරයා, ප්‍රාදේශීය ලේකම්වරයා මෙන්ම වනජීවී නිලධාරින් දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණ පරීක්ෂණ සිදුකල බවද මෙත්තලංකාර නාහිමි වැඩිදුරටත් පැවසූහ.
දරුවන්ට අන්නාසි ඇතුළු පලතුරුවලින් ෆුට්සැලට් එකක් සකසන ආකාරය පිළිබඳව පාඩමක් පසුගිය සිකුරාදා පැවැත්වූ බවත්, එහි සුවඳ දැනී මෙම අලියා විද්‍යාලයට පැමිණ දේපළවලට අලාභ හානි සිදු කරන්නට ඇති බවට තමන් විශ්වාස කරන බවද මෙත්තාලංකාර නාහිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.
වැලිකන්ද නගරයට ආසන්නව ලුම්බිණි ප්‍රාථමික විද්‍යාලයේ දේපළවලට අලාභ හානි සිදු කිරීමට අමතරව නගරයේ වෙළඳසල් මෙන්ම තවත් ස්ථාන කිහිපයකට අලාභ හානි සිදුකර ඇති බවද නගරවාසීහු පැවසූහ.


2025 නොවැම්බර් මස 04
488
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2229
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1672
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වැලිකන්දේ පාසලක් අලි කඩලා