
(යොහාන් භාසුර)
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා දුම්රිය ස්ථාන 25 ක් සංවර්ධනය කෙරෙමින් ඉදිකිරීමට යෝජිත කුළුණු මත දිවෙන මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය පිළිබඳ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ආයෝජනයෙන් අදහස් විමසීය.
කොළඹ වරාය නගරයේ සිට මීගමුව දක්වා කිලෝමීටර් 41ක දුරක් කුළුණු මත ඉදිවෙන මාර්ගයක් ඔස්සේ මෙම මෙට්‍රෝ දුම්රිය ව්‍යාපෘතිය කිරීමට යෝජනා කර ඇති අතර එහිදී ශ්‍රී ලංකා රජයේ කිසිදු මුදල් වැයකිරීමකින් තොරව ඇමරිකානු ඩොලර් බිලියන 2.5ක මුදලක් මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් අදාළ පෞද්ගලික සමාගම් ආයෝජනය කිරීමට එකඟතාවය පළ කර තිබේ.
ඊට සමගාමීව තෝරාගත් දුම්රිය ස්ථාන 5 ක් දුම්රිය ස්ථාන ආශිත නගර ලෙස නවීකරණය කිරීමටද ඔවුන් බලාපොරොත්තු වන බවත් මෙම ව්‍යාපෘතියේ වැදගත්කම පිළිබඳ සලකා බලමින් ඒ පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු යොමුකර ඉදිරි කටයුතු සිදු කිරීම සඳහා කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාගැනීමට අවශ්‍ය කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරන බවත් ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වන මේ ව්‍යාපෘතිය සඳහා ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශය සහ ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යාංශයේ ඒකාබද්ධ යෝජනාවක් ලෙස කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේය.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවති සාකච්ඡාවට ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නියෝජිකයින්, අමාත්‍යංශ නිලධාරීන් සහ ආයෝජන සමාගමේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිව්ස් එක කියවන්නත් අප්පිරියයි මේ මූසල මූන දැක්ක්ම. මූ කතාකරන්නෙයි පහරන්නෙයි දෙකම එක තැනින් ද කොහෙද? බොරු කියලම කට කක්කුස්සි කටක් වෙලා...
එපා, ඔයත්, දුම්රියත්.
දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉන්න හාල්පාරුවන් ටික ඕකට වැද්ද නොගත්තොත් කෝච්චිය දුවයි..
කුළුණු උඩින් නොවේ... අහසින් යන්න දෙනවා කිව්වත් මේ අවුරුද්දේ ඔයාලා පාස් වෙනවා වෙනවාමයි.
රජයේ මුදල් වැය නොකරනවා කිව්වට මේ ව්‍යාපෘතිය ණයමුදලක්ද? කොටින්ම අපේ ළමයින්ට පස්සේ ගෙවන්න වෙනවද? අපිව බිල්ලට දෙන්න නම් එපා. පින්සිද්ද වෙයි.. බැරි නම් දමලා ගහලා යන්න. නැතිනම් මීගමුවේ ඉඳන් කොළඹ යන කට්ටියට මෙට්‍රෝ දාන්න ගත්තු ණය අනුරාධපුරේ, යාපනයේ, බදුල්ලේ, මඩකලපුවේ, මොනරාගල ඉන්න අපිටත් ගෙවන්න වෙනවා.
කොමිස්, පගා ගැහිල්ලකින් තොරව මේකවත් කරගන්න පුළුවන් වේවිද?
මේ ව්‍යාපෘතියෙන් රටට මාර ආදායමක් එයි නේද? අරන් තියෙන බිලියන් 90ක විතර ණය ගෙවලා දාන්න... මිනිස්සු ගහලා එළවන කල් පණ ගැටගහගන්න තවත් අපිව බිල්ලට දෙන්නේ නැතිව ඉන්නවා නම් නේද හොඳ?
අර ගුණරුවන් හාදයාගෙන් උපදෙස් අරගෙන මෙට්‍රෝ දුම්රියට බඩු පෙට්ටි දෙකක් විතර අමුණා ගත්තා නම් තවත් මරු...
මේකෙන් කොලඹ නගරයේ මාර්ග තදබදය අඩුවෙන්නේ නෑ. කඩුවෙල - පිටකොටුව JAICA ව්‍යාපෘතිය කොච්චර හොඳද?
බලාගෙන අර ගුනරුවන්ද මොකාද කියන එකා මේකටත් ලෙඩක් අදියි. කොමිස් ගන්නේ නෑ කියල සිතනවා. මොකද ලංකාවෙ කරන ව්‍යාපෘතිවල කොමිස් නොගැනීම ලෝක පුදුමයක් වෙන නිසා.
කථාව දෝලාවෙන් ගමන පයින්
මේක චීන පරණ යෝජනාවක්, වරාය නගරයට ගුවන් තොටුපොළ සම්බන්ධ කිරීම, ඒක දැන් අලුත් මුහුණුවරකින්..., හරිනේ සුමාන 2ක් පසුයිනේ..., ණයවිම් තවම නවත්වා නැති පාටයිනේ...
එක්කෙනෙක් බංග්ලාදේශයට ගියා.. මෙයා යයි නේපාලයට..., නැතිනම් භූතානයට.
කෝ අර නිහාල් නෙල්සන් සිංදු කියනවා වගේ ඇඟපත නළවලා රඟපාලා මෙට්‍රො කෝච්චියක් නවත්තපු ගොයියා..? පොරව නම් පැත්ත පළාතේ ගේන්න එපා. මුන්දැගේ කොමිස් එක කීයද දන්නේ නැහැ.. වැඩේ ගොඩ දාලා දෙනවට..? නිකන් නම් කරයි මේවා මෙන්න කියලාම...
පිස්සුද අප්පා...? රටේ සල්ලි නෑ, ඒ මදිවට රේල්වේ එකේ ඔවර් ස්ටාෆ්.. ඉන්න අයගේ කාර්යක්ෂමතාව බින්දුවයි. හැමදේටම හරස් වෙන වැඩ නොකරන තැනට වැඩකරන අසාධාරණ අයිතිවාසිකම් පමණක් ඉල්ලන වගකීම්වල අන්ධ වෘත්තීය සමිති. ඇමැතිට මේ වෙලාවේ රටේ අර්තිකය දියුණු කරන්න ඕනෑ දේ මේකද? ඕනෙම නම් ප්‍රොජෙක්ට් එකක් කරන්න ඕනේ... ඒකෙන් කොච්චර ඉකනොමික් ඉම්පැක්ට් එකක් තියෙනවද? කියන එක මත ප්‍රයෝරටයිස් කරලා. මේක එහෙම බැලුවොත් තව අවුරුදු ගාණකට කරන්න ඕනෑ එකක් නෙවෙයි. ඇරත් හයිවේ එකකුත් තියෙනවා කටුනායක ඉඳලා. බන්දුල අර්‍ඨික විද්‍යාව කියලා මොනවාද දන්නේ නැහැ ඉගැන්නුවේ... රටට කෙලවෙලා පිස්සු පීකුදු වෙල හක්ක දොට්ට පැනලා වලපල්ලටම ගියත් මේ අය ගසාකන්න දත නියවන එක ඉවර කරන්නේ නෑ...
ගොඩක් වැදගත් ව්‍යාපෘතියක්...
අවුරුදු 75ක් ම මේ අය ඔහොමනේ කිව්වේ. ඒකවත් හිතාගන්න බැරිද?
මට හිතෙන්නේ හරි තේරුම තමයි වසර පනහකටත් වඩා කාලයක් මේ ව්‍යාපෘතියෙන් ලබන අදායම කවුරුන් හෝ මෙම මුදල වියදම් කරන රට වසරක් පාසා රැගෙන යනවා අපට ඉතිරී වෙන්නේ පට්ට ගහලා ගරාවැටිච්ච යකඩ ටික විතරයි.