
(සුජිත් හේවාජුලිගේ)
වේරල තීරයේ අනවසර ඉදිකිරීම් වලින් වාර්ෂිකව දඩ මුදලක් අය කිරීමට නීති ප්‍රතිපාදන ගෙන එන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව පවසයි
වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් සඳහා වාර්ෂික බලපත්‍රයක් නිකුත් කිරීමටද සැලසුම් කර ඇතැයි එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කියන්නේ ඕනම අයකුට අනවසර ඉදිකිරිමක් කර බලපත්‍රයක් ලබා ගත හැකි කියන්නේ එකනේ බොහොම හොද අදහසක්
වෙරළේ නවාතැන් ඉවත් කරන්නේ .trade නොවෙයි
අනවසර ඉදිකිරීම් වලට බල පත්‍රයක්? "බල පත්‍රයක්" කියන්නේ යමක් කරන්න බලය දීමක්. එතකොට එය ඉදි කිරීමට අවසර දීමක් වෙනවා නේද? එහෙනම්, එය "අනවසර" නෑ නේද? අනේ මන්දා ටිකක් අප්‍රබංශ කතාවක්. මට පෙනෙන විදිහට, ඕකේ අවසාන ප්‍රතිඵලය හැම වෙරලකම බලපත්‍ර සහිත "අනවසර" ඉදිකිරීම් වලින් පිරෙන එකයි. ඊටත්, "වාර්ෂික දඩ" කියන්නේ, වාර්ෂික බලපත්‍ර දීමක්ම නේද? ආචාර්ය තුමා ගේ ඔලුවට තෙල් ටිකක් දැම්මොත් හොඳයි වගේ.
ඉස්සෙල්ලම වෙරල සීමාව ලකුණු කරන්න,ඊට පස්සෙ ඒ සීමාව ඇතුලේ ඉන්න මිනිස්සුන්ට තමන්ගේ අයිතිය පෙන්වන්න තියෙන ලිය ලියවිලි ඉදිරිපත් කරන්න කියල තීරණය කරන්න හොරෙන් ඉන්න එවුන්ද, නැද්ද කියලා. නැත්නම් වැවු මායිම වගේ ගොන් සීන් එකක් වෙනවා මේකත්,,,,,
එහෙම කරන්න ගත්තම වෙරළ තිරයක් පොදු ජනතාවට විඳින්න වෙන්නේ නැ.. ගල්කිස්ස හොටෙල් වෙරළ තීරයට පොදු ජනතාව ලං වෙන්කර ආරක්ෂක කට්ටිය පොලිසිය දාලා බය කරලා පැන්න ගන්නවා.. අයකිරීම් කරලා බලපත්‍රයක් දුන්නම කොහොම ඇතිද
කුඩු උවදුර නිසා මේවා දැන් ඉවත් කර, මෙන්න දැන් බලපත්‍ර දීලා පෙට්ටි කඩ හදවනවා. ලංකාවේ ඉන්නේ අප්‍රභංශ නිලධාරින්. මුන් ඔක්කොම කුඩ්ඩොන්ගේ සාක්කුවේ. රාජ්‍ය පාලනය ජවිපෙන් ගිලිහී ගිහින් .ඔවුන් නමට පමණක් සිටින ආණ්ඩුවක්.
ඒ කියන්නේ අනවසරයෙන් වෙරළේ ගොඩනැගිල්ලක් හදල ඒකට වාර්ෂික දඩ මුදලක් ගෙවල ඒක නීත්‍යානුකූල කරන එකද?
ඒ කියන්නේ අනවසර ඉදිකිරීම් නීත්‍ර්‍යානුකූල කරන බව නේද?. එහෙනම් බය නැතුව අනවසර ඉදිකිරීම් තවදුරටත් කරගෙන යන්න පුලුවන් නේද?.
ආණ්ඩුව වැඩේ අනාගන්න හදන්නේ ? ඔහොම බලපත්‍ර දුන්නොත් හැමෝම වෙරළේ බිල්ඩින් හදාවි , ඉඩම් ගන්න සල්ලි දෙනවට වැඩිය බලපත්‍ර ගාස්තු ගෙවන එක ලාභ නිසා
එතකොට ඒ ඉදිකිරීම් බලපත්‍ර ලාභී අනවසර ඉදිකිරීම් වෙනවද