IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා

(විමුක්ති එස්. රුද්‍රිගු සහ ඩී.ජි.සුගතපාල)

පාර්ලිමේන්තුවේ පසුගිය 19 වැනිදා පැවැති විවාදයක් අතරතුරදී අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අධිකරණ පද්ධතිය විවේචනයට ලක් කරමින් ඉදිරිපත් කරන ලද වගකීම් විරහිත ප්‍රකාශවලින් අධිකරණයේ ස්වාධීනත්වය ප්‍රසිද්ධියේ අභියෝගයට ලක්වී ඇතැයි ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.

එම විවේචන අසත්‍යයෙන් සත්‍ය වෙන්කර නොගෙන අමාත්‍යවරයාගේ දේශපාලන පැවැත්ම අභියෝගයට ලක්කර ඇති නඩුකරවලදී අදාළ අධිකරණය නීත්‍යානුකූලව ලබාදුන් තීන්දු සහ නියෝගවලින් අතෘප්තියට පත්වීම මත සැලසුම් සහගතව සිදු කරන ලද්දක් බව අධිකරණ සේවා සංගමය පැවැසුවේය.

සම්ප්‍රදායයිකව අධිකරණ අමාත්‍යවරයා අධිකරණයේ ගෞරවය ආරක්ෂා කරන පුද්ගලයා බවත් ඔහු අධිකරණය ඉදිරියේ විනිශ්චයට භාජනය වී ඇති නඩුවක පාර්ශ්වකරුවකු වී එහි තීරණයෙන් අතෘප්තියට පත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභාව තුළදී අධිකරණ පද්ධතිය හෑල්ලුවන ප්‍රකාශ සිදු කිරීමෙන් ව්‍යවස්ථාදායක හා අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් ඇති කිරීමට හේතුවිය හැකි බවත් එවැනි තත්වයන් කොන්දේසි විරහිතව පරාජය කළ යුතු බවත් අධිකරණ සේවා සංගමය ප්‍රකාශ කළේය.

අපක්ෂපාති විනිශ්චයකාරවරුන් අපකීර්තියට පත් කිරීම සඳහා නිශ්චිත ඉලක්කගත ව්‍යාපෘතියක් කොටස් වශයෙන් දිග හැරෙමින් පවතින බව සිය සංගමයට නිරීක්ෂණය වී ඇති බවත් එහිදී කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සහ ගල්කිස්ස හිටපු මහේස්ත්‍රාත්වරයා ඉලක්ක කර ඇති බවට අනාවරණය වී ඇති බවත් පසුගිය මැයි 7 වැනිදා ලිඛිතව අධිකරණ සේවා කොමිෂන් සභාවට වාර්තා කළ බව ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය ප්‍රකාශ කළේය.

අධිකරණ පද්ධතියේ යහ පැවැත්ම උදෙසා වැදගත් තීරණ ගනු ලබන විනිශ්චයකාරවරුන් ස්ථාන මාරු වී ගිය පසු ඔවුන්ට පෞද්ගලිකව අපකීර්තියක් ඇතිවන මතවාද නිර්මාණය කිරීම එහි එක් පියවරක් වශයෙන් සිදුවෙමින් පවතින බව අධිකරණ සේවා සංගමය පැවැසුවේය.

එහි අවසාන අරමුණ විනිශ්චයකාරවරුන් නිර්භීතව සහ අපක්ෂපාතීව අධිකරණවේ ස්වාධීනත්වය වෙනුවෙන් බලවත් ලෙස පෙනී සිටීම වළක්වා බාහිර බලවේගවලට අවශ්‍ය ආකාරයට මෙහෙයවිය හැකි දුර්වල තත්වයකට පත් කිරීම බව ද අධිකරණ සේවා සංගමය ප්‍රකාශ කළේය.

අධිකරණ සේවා සංගමය දිසා විනිශ්චයකාරවරුන්ගෙන් හා මහේස්ත්‍රාත්වරුන්ගෙන් සමන්විත වේ.

 



අදහස් (9)

වරප්‍රසාදවලට මුවාවී ඇමැති උසාවිය හෑල්ලු කරනවා

චන්දිම Monday, 24 June 2024 10:56 PM

දේසපාලනයට මහරගම පැත්තේ ඉඳලා මුලින්ම එනකොට කවුරුත් රැවටුනේ හරි අවංක ප්‍රතිපත්ති ගරුක පුද්ගලයා කියලා. ටික ටික යනකොට තමයි පෙනුනේ කොකාගේ පාට මොකද්ද කියලා. වාසි පැත්තට පනිනවා නෙමෙයි හෙමිහිට හින් නුලෙන් මාරුවෙනවා, හරි උගතා නිතිය පරතෙරට දන්න සාන්තුවරයා වගේ තමයි කථා පොජ්ජ දාන්නේ. කරන තරමක් කරන්නේ මිනිස්සුන්ට මොන හෙන ගෙඩිය පාත් වුනත් තමන්ගේ එදාට එදාට ඉන්න බොස්ලට උවමනා විදියට එක එක නීති පනත් හදලා දෙන එක.

:       2       1

අරවින්ද මොනරවිල Tuesday, 25 June 2024 01:43 AM

දූෂිතයන්ට අපරාධකරුවන්ට හා සල්ලාලයන්ට නීතියේ ආධිපත්‍යය හො ප්‍රජාතන්ත්‍රවාදය රකින්න සැබෑ උවමනාවන් හො කැමැත්තක් නැහැ. රටේ ජනතාව රවටන්න ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය සුරකිනවා යයි බෙරිහන් දුන්නාට තමන්ට හා තමන්ගේ අමන මුග්ධ ක්‍රියාවන්ට නීතිය හරස්වෙන විට නීතිය කරවන ආයාතන වලට හා පුද්ගලයන්ට විරුද්ධව අවි අමෝරා ගන්න කිසිම පැකිලීමකින් හෝ බියක් දක්වන්නේ නැහැ.

:       2       1

නිලුපුලී ලංකාපුර Tuesday, 25 June 2024 02:02 AM

විශිෂ්ඨ මාධ්‍ය ප්‍රතිචාරයක්

:       2       1

Johe Austin Tuesday, 25 June 2024 06:12 AM

මට නම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ ප්‍රකාශයේ කිසිදු වරදක් දෑක්කෙ නෑ. විනිසුරුවන් ස්වභාවික නිතියේ මුලධර්ම දැන ගන්න ඕනි. එයාට බෑ නිති උපදෙශ දෙන්න නඩු අහන ගමන්. තමන් කලින් වෑඩ කල උසාවියේ බඩු නෑති වෙලා නම් අපිද වග කියන ඔනි. හරියට බාරදිම් බාර ගෑනිම් වෙන්න ඔනි. හොරෙන් විදුලිය අරන් නම් අපි වගෙ සිවිල් අයට දෙන දඩුවම මොකද්ද ? නිකන් බබාල වෙන්න එපා. නිතියට අනුව වෑඩ කරන්න

:       1       7

Lalla Tuesday, 25 June 2024 07:38 AM

එතකොට අනිත් කරුණු? මහේස්ත්‍රාත්වරු හොරකම් කරපු කථා. එක්තරා ප්‍රසිද්ධ නීතිඥවරයකු ගැන සහ සමහර නඩු තීන්දු කලින් දැනගත හැකිය කියලා. ඒවත් ප්‍රතික්ෂේප කරනවද?

:       0       4

dasun Tuesday, 25 June 2024 08:50 AM

100% ක් එකඟයි.. විජයදාස එම ප්‍රකාශය කිසිදු පදනමක් නැති ප්‍රකාශයක් බව පේනවා. ව්‍යවස්ථාදායක අධිකකරණය විවේචනය කිරිම පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් වහාම ඉවත් කළ යුතුයි. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් ඊයේ විශේෂ රැස්වීමක් පැවැත්වුවා.

:       5       2

John Austin Tuesday, 25 June 2024 01:39 PM

මට නම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුව ප්‍රකාශයේ කිසිදු වරදක් දැක්කෙ නෑ. විනිසුරුවන් ස්වභාවික නිතියේ මුලධර්ම දැනගන්න ඕනෑ. එයාට බෑ නිති උපදේශ දෙන්න නඩු අහන ගමන්. තමන් කලින් වැඩ කළ උසාවියේ බඩු නැති වෙලා නම් අපිද වග කියන ඕනි. හරියට බාරදිම් බාර ගැනීම් වෙන්න ඕනෑ. හොරෙන් විදුලිය අරන් නම් අපි වගේ සිවිල් අයට දෙන දඩුවම මොකද්ද ? නිතියට අනුව වැඩ කරන්න

:       0       6

swene Tuesday, 25 June 2024 12:11 PM

ඇමැති විතරක් නෙවෙයි, ජනාධිපතිත් ආණ්ඩුවේ ඇතැම් මන්ත්‍රී ගොල්ලොත් කරන්නේ ඒකම නේද ?

:       0       6

රෝයි ෆෙඩ්රික්ස් Tuesday, 25 June 2024 01:35 PM

මේ වගේ කාලකන්ණි රට පාලනය කරවන්න පත්කර යැවු අයට වැහි නැති හෙන ගහන්න ඕනේ . මේ ජූතකයා ඕනෑම භූතයෙක් යටතේ ඇමැතිකම් කරනවා. ඕනෑම වේලාවක එහාට පනිනවා ,මෙහාට පනිනවා.කාණුකට ඇරලා අරයට මෙයාට අපහාස කරනවා ,කාට හරි කියන්න පුලුවන්ද කිසිම පලදායී වැඩක් කළා කියලා .

:       4       4

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31138 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13271 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 52 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 268 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site