IMG-LOGO

2025 ජුනි මස 19 වන බ්‍රහස්පතින්දා


ව්‍යාපෘති යෝජනා ගැන බලන්න ඇගැයුම් කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත ඉදිරිපත් කරනු ලබන ව්‍යාපෘති යෝජනා ඇගයීම සඳහා තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ  ආයෝජකයින් වෙනුවෙන් අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස දැනට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වරාය නගර ආර්ථික කොමිසම ක්‍රියාත්මක වේ.

එහෙත්, පර්යේෂණ හා සංවර්ධන වාණිජකරණයට අදාළ ව්‍යාපෘති හඳුනාගැනීම, ඒවායේ තාක්ෂණ හා ආර්ථික විභවතාව ඇගයීම සහ බලගැන්වීම සඳහා නිසි පර්යේෂණ හා සංවර්ධන ආයෝජක හිතකාමී යාන්ත්‍රණයක් විධිමත් පරිදි ස්ථාපිතව නොමැති වීම සැලකිල්ලට ගෙන, ජනාධිපති කාර්යාලය යටතේ " පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය (NIRDC)" ස්ථාපිත කරනු ලැබ තිබේ. 

දැනටමත් පර්යේෂණ අවසන් කර ඇති හෝ ආසන්න වශයෙන් පර්යේෂණ නිම කිරීමට නියමිත ව්‍යාපෘති, අගය එකතු කළ අලෙවි කළ හැකි නිෂ්පාදන හෝ සේවාවන් ලෙස වෙළෙඳ පොළට හඳුන්වා දීම සඳහා ඉදිරිපත් වන ආයෝජකයින්ට පහසුකම් සැලසීම එම ප්‍රවේශය ස්ථාපිත කිරීමේ ප්‍රධාන අරමුණ වේ. 

ඒ අනුව පර්යේෂණ සහ සංවර්ධන වාණිජකරණ ජාතික ප්‍රවේශය වෙත වාණිජකරණය සඳහා යොමු කෙරෙන ව්‍යාපෘති යෝජනා ඇගයීමට ලක් කර, සුදුසු ආයෝජකයින් වෙතයොමු කිරීම සඳහා තාක්ෂණ, අධ්‍යාපන, විද්‍යා, සෞඛ්‍ය, පාරිසරික, ආහාර භා තිරසරභාවය, සමාජ සංවර්ධනය, යහපැවැත්ම හා අනෙකුත් අංශ වල විශේෂඥ දැනුම සහිත විශේෂඥයින්ගෙන් සමන්විත තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීම පිණිස ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (1)

ව්‍යාපෘති යෝජනා ගැන බලන්න ඇගැයුම් කමිටුවක්

සාලිය Tuesday, 27 May 2025 10:56 PM

විෂය නොදන්නා හරක් පත් නොකරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1887 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 597 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 686 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site