(ප්‍රසාද් රුක්මල් සහ රංජිත් කරුණාවීර)
බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ 17 කනුව ප්‍රදේශයේ දී අද (15) අලුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීයාමෙන් මෝටර් රථයේ ගමන් ගත් දෙදෙනකු මියගිය බව මහියංගන පොලිසිය පවසයි .
අනතුරින් මියගොස් ඇත්තේ බුත්තල ඔක්කම්පිටිය පහලගම ප්‍රදේශයේ පදිංචි මෝටර් රථය පදවාගෙන ආ මාතර මහවිදානලාගේ සුනිල් ජයරත්න (56) සහ බුත්තල ඔක්කම්පිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ආර් එම් .සුමිත් රත්නායක (56) යන දෙදෙනා බව පොලිසිය කීය .
මොවුන් දෙදෙනා අද (15)අලුයම බිබිළ දෙස සිට මහියංගන දෙසට මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදි 17කනුව ප්‍රදේශයේ දී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන වියානා ඇළට පෙරලීගොස් ඇති බවත් පොලිසිය සදහන් කලේය .
මොවුන් දෙදෙනා වියානා ඇළට පෙරලීගිය මෝටර් රථය තුල ම මියගොස් සිටි බවත් පොලිසිය පවසයි .
(ඡායාරූප: ප්‍රසාද් රුක්මල්)
(ඡායාරූප: රංජිත් කරුණාවීර)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වියානා ඇළට මෝටර් රිය පෙරැළි දෙන්නෙක් මරුට