
(යොහාන් භාසුර සහ ලයනල් සොයිසා)
අධ්‍යාපනය ගැන මෙරට ජනතාව ඉතාම පටු විදිහට බලන බවත් විභාග ප්‍රතිඵල වලින් පමණක් අධ්‍යාපනය මනින ක්‍රමය ඉතාම වැරදි මෙන්ම එම ක්‍රමය වෙනස් විය යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
පොළොන්නරුව රාජකීය මධ්‍ය මහ විද්‍යාලයේ උසස් අධ්‍යාපනයේ මූලිකාංග අර්ථවත් කරමින් දරුවන්ගේ සාරධර්ම සංවර්ධනය අරමුණු කරගෙන පවත්වන පොළොන්නරු දිස්ත්‍රික් "පංකජ සිසු සමුළුව 2025" අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය.
"විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම තුළින් දක්ෂතා සහිත දරුවන්ට තම හැකියාවෙන් සහ දක්ෂතාවයෙන් ඉදිරියට ගමන් කිරීමට අවශ්‍ය අධ්‍යාපන ක්‍රමයක් නිර්මාණය කිරීමට අපි කැපවෙනවා.
සංවේදී සමාජයක් නිර්මාණය කිරීමට නම් හොඳ ආකල්ප සහිත සංවේදී දරුවන් බිහි කිරීම අවශ්‍ය බව අපේ ජනාධිපතිතුමා නිතරම කියනවා.
තමන්ගේ කාර්යය සහ අවශ්‍යතාවය පමණක් ඉටු කරලා පැත්තකට වෙන දරුවන් නෙවෙයි පොදු සමාජය ගැනම හිතල වැඩ කරන දරුවන් බිහි කිරීමයි වැදගත් වෙන්නේ.
අද මේ දරුවන්ගේ නිර්මාණශීලීත්වය සහ දක්ෂතාවය දැකල මම ඇත්තටම ගොඩක් සතුටුු වුණා. අපේ රටේ අනාගත නායකත්වය භාරගන්න ඉතාම දක්ෂ දරු පිරිසක් ඉන්නවා කියලා මම මේ වෙලාවේ කියන්න කැමතියි. නිර්මාණශීලීත්වය වගේම මානුෂීය ගුණධර්මවලින් පිරිපුන් දරුවෙක් බිහිකිරීම තමයි අපේ අරමුණ. ඔබේ දක්ෂතා දැකලා මම තවත් ධෛර්යමත් වුණා. ඔබ තමයි අපිට වැඩ කරන්න ශක්තිය දෙන්නේ. අපි සියලු දෙනාම එකතුවෙලා සංවේදී , හොඳ ආකල්ප සහිත සමාජයක් බිහි කරන්න කැපවෙමු." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග පාස් උනා වගේ නෙවෙයි , තරුණයින්ට රැකියා එන වැඩපිළිවෙලක් ඕනේ. වියදම් කරලා උස්මහත් කරලා , පිටරට යවන එකම හරියන්නේ නැහැ. බදු ආදායම් අරගෙන, විදුලි බිල, ජීවන වියදම අඩු කරා නම්. ලංකාවට ආයෝජන ගෙනෙන්න පුළුවන් , නැතිනම් ආයෝජන එන්න තියෙන අවස්ථා අඩුයි. අපිට කොහොමත් අවුරුදු 5 ක වත් පටි තදකරගත්තු කාලයක් ගත අකරන්න වෙනවා මයි. දේශපාලකයින් පාර්ලිමේන්තුවේ ,ගැලරියේ මොනවා කීවත්, හැම පක්ෂයක්ම එකම එකඟතාවකට එන්නේ නැතිව මේ ප්‍රශ්නේ විසඳන්න අමාරුයි. එහෙම නොකලොත් , රට කාටත් නැතිවෙයි.
දැනට තියෙන පාලන ක්‍රම අතරින් ප්‍රජාතනත්‍රවාදය කියන්නේ නරක අඩුම එක මිසක් හොඳම එක නෙවේ. මම එහෙම කිව්වේ විභාගයක ලකුණු කියන්නෙත් ඒ වගේම දෙයක් නිසා. ලකුණු වලින් තමා දක්ෂයෝ හොයාගන්නේ. එහෙම නැතිව හැමෝම සමාන කියල අඩු ලකුණු තියෙන උනුත් ගත්තාම සමූහයක් විදියට ප්‍රතිඵල වලින් පහල වැටෙනවා. ඇමරිකාවේ ඕක වුනා. සාධාරණ වෙන්න කියල අඩු ලකුණු තියෙන උන් බඳවාගෙන ඉගැන්නුවත් විශ්වවිද්‍යාලයේ විභාග ෆේල් වුනා, අන්තිමේ මූලික මට්ටමේ දැනුමක් වත් නැති උන් ටිකක් ඉන්නවා කියල වගකිවයුත්තන්ට තේරුනාම දැන් ඔවුන් වහාම ඒවා වෙනස් කරමින් යනවා.