IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


විපක්ෂයට බලය අල්ලන්න උදව් කලාට රනිල්ට දොස්

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ.

ඊට හේතු වී ඇත්තේ බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේදී මාලිමාව සමඟ සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ක්‍රියා කිරීමය.

මේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසා තම පක්ෂද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවය.

බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේ දී ඡන්ද තුනක් තිබූ ජාතික ජන බලවේගයට සභාපති ධුරයත් ඡන්ද හයක් තිබූ සමගි ජන බලවේගයට උප සභාපති ධුරයත් පිරිනැමීම එම පක්ෂ දෙක අතර කිසියම් අවබෝධතාවයක ප්‍රතිඵලයක් බවට පක්ෂ නායකයන් කරුණු දක්වා ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය මාලිමා ආණ්ඩුවට හොඳටම හීලෑ වී ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතාට කෙලින්ම ප්‍රකාශ කර තිබේ.

මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිෂ්ඵල තත්ත්වයට පත්ව ඇතැයි ද විපක්ෂයේ පක්ෂ නායකයෝ තවදුරටත් චෝදනා කර සිටිති.

ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින වලදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කර සිටී. සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හරියට ආණ්ඩුවේ කොටසක් හැටියට බව පෙනෙන්නේ යැයි ද විපක්ෂයේ  පක්ෂ නායකයන් සඳහන් කර ඇත.



අදහස් (9)

විපක්ෂයට බලය අල්ලන්න උදව් කලාට රනිල්ට දොස්

අරවින්ද මොණරවිල Tuesday, 15 July 2025 11:38 AM

නන්නත්තාර වෙලා අනාථ උන ලොන්තපෝල් විපක්ෂයට ලංකාවේ දේශපාලන තේරෙන්නේ නැහැ ! අපි හැමදාම කිව්වා වගේ විපක්ෂයේ බහුතරයක් හොරු උනාට ඒ අතර මහත්වරුන් කිහිප දෙනෙකුත් ඉන්නවා .... දැන් අන්න ඒ මහත්වරුන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන් තම හෘද සාක්ෂියට එකඟව තීන්දුව තීරණ ගන්න බවක් පෙනෙනවා, ඔවුන්ට දැන් තමන්ගේ පක්ෂ නායකත්වයන් හා ඔවුන් කරන කියන දේවල් අදාලම නැහැ, තව වසර පහකින් එන මැතිවරණයකදී තමන්ගේ ජාම බේරා ගන්න නම් අද නිවැරදි හා ජනතාවාදී තීරණ ගත යුතු බව ඔවුන් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ බව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වෙනවා. එහෙම නැතිව සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත පිළිබඳ පරීක්ෂණ යට ගහන්න සජිත්ට මේ ආණ්ඩුව එක්ක ගේම් ගහන්න පුළුවන් කියලා කවුරු හරි හිතෙනවා නම් සොරිම තමයි !

:       131       46

sena Tuesday, 15 July 2025 12:21 PM

බොරුවට ඔයාලා රනිල්ව පිම්බුවාට අපි දන්නවා ඔය මනුස්සයාට මෙලෝ වැඩක් බෑ කියලා.

:       15       20

Subash Tuesday, 15 July 2025 04:31 PM

සේන, කරුණාකරලා ඔයා වාඩි වෙලා ඉන්නකොට පරිස්සම් වෙන්න, මොකද ඔයාගේ පොඩි මොළයට පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. අමාරු කාලේදී රට බේරගන්න රනිල් මහත්තයා හොඳ වැඩක් කළා. අන්ධ දේශපාලන රසිකයෝ ඒක අගය කරන්න සූදානම් නැහැ.

:       29       28

ප්‍රියන්තTuesday, 15 July 2025 05:39 PM

අනේ සුභාෂ්, ඔහෙගේ හොඳ රනිල් මහත්තයාට කියලා අර සිංගප්පූරුවේ මගුල් ගෙදරට එයා යවපු මහබැංකු හොරාවත් ආපහු ගෙන්නලා දෙන්නකෝ. එයාමනේ කිව්වේ එයා වගකීම ගන්නවා කියලා...!

:       0       2

Rata Perata Wednesday, 16 July 2025 03:01 AM

Subash, ආයෙත් ඉස්කොලේ ගිහින් රටක ආර්ථිකය කියන්නේ මොකක්ද කියලා ඉගෙනගන්න. ණය ගෙවන්න සල්ලි නෑ කියලා, ඒ සල්ලි වලින් ඉන්ධන සහ ගෑස් ගෙනාව එක මැජික් වගේ පේන්නේ ඒකයි. ඒ වගේම, ඒ ආර්ථික ප්‍රශ්න අස්සේ මිනිහා රට සවාරි 25 ක් විතර ගියෙත් තමුන්ලා වගේ කට්ටිය ඉන්න බව රනිල් දන්න නිසා.

:       0       1

wedage Tuesday, 15 July 2025 05:02 PM

රට බේරාගන්න තරමට අමාරු කාලේ මේ සීයාත් ඔහුගේ මාමත් තමයි නේද සුබස්?

:       0       0

Rama Tuesday, 15 July 2025 06:40 PM

මෙතන රනිල්ට බැනලා වැඩක් නෑ. සජිත්ගේ නොහැකියාව නිසා ඒ පක්ෂය නන්නත්තාර වෙලා. තීරණයක් ගන්න බැරි කොන්ද කෙලින් නැති නායකයෙක් නිසා පල්ලෙහා අය තමන්ගේ මඩිය තරකර ගැනීමේ අයිතිය තහවුරු කරන බව තමයි පෙනෙන්නේ. මධ්‍යම සං්කෘතික අරමුදල විතරක් නෙවෙයි මුළු සංස්කෘතික අමාත්‍යාංශයේ මුදල් අරගෙන නිවාස හදන්න ගිහින් තමයි සංස්කෘතික අමාත්‍යාංශයේ විනාශය ඇතිවුනේ. නිවාස සහ සංස්කෘතික කටයුතු දෙකම තිබුණේ සජිත්ට. එයා කරේ නිවාස ගැන විතරයි.

:       1       1

ගුණරත්න Tuesday, 15 July 2025 08:32 PM

රනිල් කලින්ම කිව්වා සජිත්ට එන්න එකතු වෙලා ඡන්ද කරමු නැත්නම් පරදින්න තමයි වෙන්නේ කියල, තලතා අතුකෝරල වගේ ජෙය්ෂ්ඨ නායකයොත් කිව්වා ඇහුවේ නැහැ, මොකද සජිත්ට තියෙනවා අධික මාන්නයක්. ඕක නිසා තමාට වඩා ලොක්කෙක් නැහැ කියල හිතාගෙන ඉන්නේ. උන්නැහේ හොඳ මාලිමාවට මිසක් එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි. දැන් සමගි බලවේගයද මොකක්ද අටවාගෙන නිකං කාලේ කා දමනවා මිසක් ශක්තිමත් විපක්ෂයක භූමිකාවක් දකින්න නැහැ. රජයට විරුද්ධව කතා කරන්නේ තනි පුද්ගලයන් සහ සංවිධාන මිසක් මේ බූරු විපක්ෂය නෙවෙයි. අර අර්චුනා විපක්ෂ නායක කළා නම් මීට වඩා සැහෙන්න වැඩක් වෙයි

:       1       0

අරවිනිනිද Tuesday, 15 July 2025 10:23 PM

අරවින්ද ඔබ නොදන්නවා වුනාට දැනටම ගිවිසමක් ගහලා තියෙන්නේ සජිත් ටිල්වින් එක්ක. ඔයාට පුලුවන්නම් ඔයාගෙ නායකයොන්ට කියලා සජිත්ව එක දවසකට රිමාන්ඩ් කරවන්න ඔය කරපු වංචා වලට. තවදාවත් එයා රිමාන්ඩ් වෙන්නෙ නෑ. කලින් රාපක්ශ රනිල් අතර තිබුනු අවබෝදය දැන් සජිත් සහ ටිල්වින් අතර

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 178 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 56 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 746 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site