
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩු පක්ෂයට බහුතරය නැති පළාත් පාලන ආයතන වල බලය අල්ලා ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ කිරීමට ගත් පියවර සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පක්ෂ නායකයන් කිහිප දෙනෙක්ම විරෝධතාවයක් එල්ල කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේදී මාලිමාව සමඟ සමගි ජන බලවේගය ඒකාබද්ධ වී ක්‍රියා කිරීමය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ඒකාබද්ධ විපක්ෂයේ නායකයින් සඳහන් කර ඇත්තේ හිටපු ජනාධිපතිවරයා විපක්ෂයේ පක්ෂ එකතු කිරීමට ගත් ක්‍රියාමාර්ගය නිසා තම පක්ෂද දැඩි අපහසුතාවයට පත්ව සිටින බවය.
බේරුවල නගර සභාවේ බලය ලබා ගැනීමේ දී ඡන්ද තුනක් තිබූ ජාතික ජන බලවේගයට සභාපති ධුරයත් ඡන්ද හයක් තිබූ සමගි ජන බලවේගයට උප සභාපති ධුරයත් පිරිනැමීම එම පක්ෂ දෙක අතර කිසියම් අවබෝධතාවයක ප්‍රතිඵලයක් බවට පක්ෂ නායකයන් කරුණු දක්වා ඇත.
මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිදුවී ඇතැයි කියන දූෂණ චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කැබිනට් අනු කාරක සභාවක් පත් කිරීමෙන් පසුව සමගි ජන බලවේගය මාලිමා ආණ්ඩුවට හොඳටම හීලෑ වී ඇතැයිද ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් රනිල් වික්‍රමසිංහ මහතාට කෙලින්ම ප්‍රකාශ කර තිබේ.
මේ පසුබිම යටතේ පළාත් පාලන ආයතන වල බලය ලබා ගැනීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ එකතු කිරීමට රනිල් වික්‍රමසිංහ මහතා ගත් පියවර නිෂ්ඵල තත්ත්වයට පත්ව ඇතැයි ද විපක්ෂයේ පක්ෂ නායකයෝ තවදුරටත් චෝදනා කර සිටිති.
ඇතිවී තිබෙන තත්ත්වය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දින වලදී එක්සත් ජාතික පක්ෂ ජ්‍යෙෂ්ඨයන් සමඟ කරුණු සාකච්ඡා කිරීමට අදහස් කර සිටී. සමගි ජන බලවේගය ක්‍රියා කරන්නේ හරියට ආණ්ඩුවේ කොටසක් හැටියට බව පෙනෙන්නේ යැයි ද විපක්ෂයේ පක්ෂ නායකයන් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්නත්තාර වෙලා අනාථ උන ලොන්තපෝල් විපක්ෂයට ලංකාවේ දේශපාලන තේරෙන්නේ නැහැ ! අපි හැමදාම කිව්වා වගේ විපක්ෂයේ බහුතරයක් හොරු උනාට ඒ අතර මහත්වරුන් කිහිප දෙනෙකුත් ඉන්නවා .... දැන් අන්න ඒ මහත්වරුන් ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන තියෙනවා. ඔවුන් තම හෘද සාක්ෂියට එකඟව තීන්දුව තීරණ ගන්න බවක් පෙනෙනවා, ඔවුන්ට දැන් තමන්ගේ පක්ෂ නායකත්වයන් හා ඔවුන් කරන කියන දේවල් අදාලම නැහැ, තව වසර පහකින් එන මැතිවරණයකදී තමන්ගේ ජාම බේරා ගන්න නම් අද නිවැරදි හා ජනතාවාදී තීරණ ගත යුතු බව ඔවුන් අවබෝධ කරගෙන ඉන්නවා. ඒ බව ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් පැහැදිලි වෙනවා. එහෙම නැතිව සංස්කෘතික අරමුදලේ මුදල් අවභාවිත පිළිබඳ පරීක්ෂණ යට ගහන්න සජිත්ට මේ ආණ්ඩුව එක්ක ගේම් ගහන්න පුළුවන් කියලා කවුරු හරි හිතෙනවා නම් සොරිම තමයි !
බොරුවට ඔයාලා රනිල්ව පිම්බුවාට අපි දන්නවා ඔය මනුස්සයාට මෙලෝ වැඩක් බෑ කියලා.
සේන, කරුණාකරලා ඔයා වාඩි වෙලා ඉන්නකොට පරිස්සම් වෙන්න, මොකද ඔයාගේ පොඩි මොළයට පීඩනයක් එල්ල වෙන්න පුළුවන්. අමාරු කාලේදී රට බේරගන්න රනිල් මහත්තයා හොඳ වැඩක් කළා. අන්ධ දේශපාලන රසිකයෝ ඒක අගය කරන්න සූදානම් නැහැ.
රට බේරාගන්න තරමට අමාරු කාලේ මේ සීයාත් ඔහුගේ මාමත් තමයි නේද සුබස්?
මෙතන රනිල්ට බැනලා වැඩක් නෑ. සජිත්ගේ නොහැකියාව නිසා ඒ පක්ෂය නන්නත්තාර වෙලා. තීරණයක් ගන්න බැරි කොන්ද කෙලින් නැති නායකයෙක් නිසා පල්ලෙහා අය තමන්ගේ මඩිය තරකර ගැනීමේ අයිතිය තහවුරු කරන බව තමයි පෙනෙන්නේ. මධ්‍යම සං්කෘතික අරමුදල විතරක් නෙවෙයි මුළු සංස්කෘතික අමාත්‍යාංශයේ මුදල් අරගෙන නිවාස හදන්න ගිහින් තමයි සංස්කෘතික අමාත්‍යාංශයේ විනාශය ඇතිවුනේ. නිවාස සහ සංස්කෘතික කටයුතු දෙකම තිබුණේ සජිත්ට. එයා කරේ නිවාස ගැන විතරයි.
රනිල් කලින්ම කිව්වා සජිත්ට එන්න එකතු වෙලා ඡන්ද කරමු නැත්නම් පරදින්න තමයි වෙන්නේ කියල, තලතා අතුකෝරල වගේ ජෙය්ෂ්ඨ නායකයොත් කිව්වා ඇහුවේ නැහැ, මොකද සජිත්ට තියෙනවා අධික මාන්නයක්. ඕක නිසා තමාට වඩා ලොක්කෙක් නැහැ කියල හිතාගෙන ඉන්නේ. උන්නැහේ හොඳ මාලිමාවට මිසක් එක්සත් ජාතික පක්ෂයට නෙවෙයි. දැන් සමගි බලවේගයද මොකක්ද අටවාගෙන නිකං කාලේ කා දමනවා මිසක් ශක්තිමත් විපක්ෂයක භූමිකාවක් දකින්න නැහැ. රජයට විරුද්ධව කතා කරන්නේ තනි පුද්ගලයන් සහ සංවිධාන මිසක් මේ බූරු විපක්ෂය නෙවෙයි. අර අර්චුනා විපක්ෂ නායක කළා නම් මීට වඩා සැහෙන්න වැඩක් වෙයි
අරවින්ද ඔබ නොදන්නවා වුනාට දැනටම ගිවිසමක් ගහලා තියෙන්නේ සජිත් ටිල්වින් එක්ක. ඔයාට පුලුවන්නම් ඔයාගෙ නායකයොන්ට කියලා සජිත්ව එක දවසකට රිමාන්ඩ් කරවන්න ඔය කරපු වංචා වලට. තවදාවත් එයා රිමාන්ඩ් වෙන්නෙ නෑ. කලින් රාපක්ශ රනිල් අතර තිබුනු අවබෝදය දැන් සජිත් සහ ටිල්වින් අතර