IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


වන්දි ඉල්ලූ ලංවිම සේවකයෝ මානව හිමිකම් යෑමේ සූදානමක්

(යොහාන් භාසුර)

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණට සමගාමීව වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකළ සේවකයන්ට එම මණ්ඩලය නිසි ක්‍රමවේදයක් ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසමේ පිහිට පැතීමට සිදුව ඇති බව එම මණ්ඩලයේ වෘත්තීය සමිති නියෝජිතයෝ පවසති.

එම මණ්ඩලයේ සේවකයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර තිබුණ ද ඔවුන්ට සේවයෙන් ඉවත්වන දිනයක් හෝ ඒ සඳහා නියමිත කාලයක් හෝ ක්‍රමවේදයක් විදුලිබල මණ්ඩලයේ බලධාරීන් ඉදිරිපත් නොකිරීම නිසා මෙම තත්වය උද්ගත වී ඇති බවත් ‘ඇමතිතුමා තාම දිනයක් කියලා නෑ’ වැනි පිළිතුරු බලධාරීන් සපයන බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ කියති.

වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර ඇති බොහෝ සේවකයන් විදේශ රැකියාවට පිටත්ව යෑමට හෝ වෙනත් රැකියා සඳහා යොමුවීමට සූදානම්ව සිටිය ද මෙම තත්වය හමුවේ දැඩි අපහසුතාවට පත්ව සිටින බව කී වෘත්තීය සමිති නියෝජිතයෝ බලශක්ති අමාත්‍යංශය සහ විදුලිබල මණ්ඩලයේ බලධාරීන්ගේ සැළසුමක් නොමැති ක්‍රියාවලියක් හේතුවෙන් සේවකයන් දැඩි අපහසුතාවට පත්ව සිටින බව ද සඳහන් කළහ.

වන්දි ලබා ඉවත්වීමේ ඉල්ලුම්පත් මාස දෙකක් ගතවීමට පෙර එනම් මෙම මස 27 වැනිදාට පෙර යොමුකළ යුතු යැයි දැනුම්දී තිබුණ ද බලධාරීන් සතුව නියමිත ක්‍රවේදයක් නොමැති බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ.

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලිබලාගාරවල සේවකයන් අවම වශයෙන් 10 ක් හෝ වන්දි ලබා ඉවත්වීමට අයදුම්පත් යොමුකර ඇති බවත් එසේ අත්දැකීම් ඇති පුහුණු සේවකයන් ඉවත්වගිය හොත් මණ්ඩලය දැඩි අර්බුදයකට පත්වන බවත් එහි සේවකයෝ පවසති.

මෙම තත්වය පිළිබඳව දැනගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණ කාර්යාලයේ ප්‍රධනී ඉන්ජිනේරු පුබුදු නිරෝෂන් මහතා දුරකථනයෙන් සම්බන්ධකරගැනීමට උත්සහ කළ ද ඒ මහතා ප්‍රතිචාර නොදක්වා කෙටි පණිවුඩයක් යොමු කරන ලෙස දැනුම් දී තිබුණි.



අදහස් (2)

වන්දි ඉල්ලූ ලංවිම සේවකයෝ මානව හිමිකම් යෑමේ සූදානමක්

පල පුරුද්ද Wednesday, 08 October 2025 05:43 PM

කලින් හිටපු කට්ටිය කරලා රටකෑවා. මේ පළපුරුදු කට්ටිය මණ්ඩලේ කෑවා.

:       24       9

විපරමා Thursday, 09 October 2025 11:49 AM

විදුලි බල මණ්ඩලය කාලාන්තරයක් තිස්සේ බැලුවොත් අවුල්. කවදාවත් ඉවරවෙන එකක් නැහැ. ලෝකේ කිසිම රටක මෙහෙම නැතුව ඇති..

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 29 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site