IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


විදුහල්පතිට ඉවත්වන්නැයි විරෝධතාවක්

(කේ බුද්ධික කුමාරසිරි)

කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාල  ජාතික පාසලේ විදුහල්පතිවරයාට ඉවත් වන්නැයි පවසමින් ජාතික පාසල සුරැකීමේ සංවිධානය විසින් සංවිධානය කර තිබූ විරෝධතාවයක් අද (27)  දින උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.

එම විරෝධතාවය සඳහා පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් සහභාගි වී සිටි අතර විරෝධතා පාඨ කියමින් විරෝධතා  පූවරු ප්‍රදර්ශනය කරමින් විරෝධතාවයේ නියැලී සිටියහ.

විරෝධතාකරුවන් ප්‍රකාශ කළේ මේ වන විට විදුහලේ අඩුපාඩු රාශියක් පැවතියත් එම කටයුතු සම්පූර්ණ කිරීමට විදුහල්පතිවරයා අපොහොසත් වී ඇති බවත් සියලු කරුණු චක්‍රලේඛවලට මුවාවෙමින් අතහැර දැමීමට කටයුතු කර ඇති බවයි.

බෝමිරිය මධ්‍ය මහා විද්‍යාල ජාතික පාසලේ විදුහල්පති අසංක මනෝජ් තිලකරත්න මහතාගෙන් මේ සම්බන්දව  විමසීම සදහා දුරකතන ඇමතුම් දහයකට ආසන්න ගණනක් ගත්තද ප්‍රතිචාර දැක්වීමක් සිදු නොවීය.



අදහස් (2)

විදුහල්පතිට ඉවත්වන්නැයි විරෝධතාවක්

ජයනාත් Monday, 27 January 2025 03:56 PM

ගාල්ල ප්‍රධාන පෙළේ පිරිමි පාසලක් අවුරුදු 3 තිස්සේ අඳුරු යුගයක් කරා ගෙනගිය අමනෝඥ විදුහල්පතිවරයෙක් නම් ගියා.

:       0       7

Lalla Monday, 27 January 2025 04:11 PM

ගුරු දෙගුරු සංගමය පාසල පාලනය අතට ගන්න හදනව වගේ. අපේ ගමේ පාසල පාලනයත් ඔය වගේ.. සුජාතා ආදර්ශ කනිටු විදුහල. ගම්පහ කිට්ටුව. රටටම ඇහෙන්න ශබ්ද විකාශන යන්ත්‍ර දාගෙන ළමයින් ගත්ත ලකුණු විශේෂ දේවල් ආදිය බෙදනවා. සතියකට එකක් මොනවා හරි උත්සවයක් පාසල් වෙලාව තුලදී. සීමාව ඉක්මවා ප්‍රචාරය පාසලකට සුදුසු නෑ නේද...සියල්ල පාසල තුලට සීමාවිය යුතු නේද.

:       0       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site