
(දයාරත්න ඇඹෝගම)
ගලහිටියාගම ප්‍රදේශයේ නිවසකදි විදුලිසැර වැදී 19 හැවිරිදි තරුණයෙකු රෝහල්ගත කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇතැයි කපුගොල්ලෑව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ ගලහිටියාගම,කපුගොල්ලෑව යන ලිපිනයේ පදිංචිව සිටි මලිදු නිම්සර නිර්මාල් සුරවීර(19)නැමති තරුණයෙකි.
මියගිය තරුණයා සිය ගොයම් කපන මැෂිම වතුර විදින යන්ත්‍රයක් මගින් සෝදමින් සිටියදි විදුලි කාන්දුවක් හේතුවෙන් විදුලිසැර වැදි ඇතැයි පොලිසිය කියයි.
එම අවස්ථාවේ නිවසේ කිසිවෙකු නොසිටි ඇති අතර ඔහුගේ නිවස ඉදිරිපිටින් ගමන් ගත් ඥාතියෙකු විසින් විදුලිසැර වැදිමෙන් බිම ඇද වැටි සිටි තරුණයා අසල්වාසින් පිරිසක් සමග එක්ව කපුගොල්ලෑව රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරැව එහිදි මිය ගොස් තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd