(යොහාන් භාසුර)
වතු කම්කරු ජනතාව වෙනුවෙන් සියලු යටිතල පහසුකම්වලින් සමන්විත මහල් නිවාස ක්‍රමයක් වතු ආශ්‍රිතව ඉදිකිරිමට සැලසුම් කර ඇතැයි වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා පැවසීය.
වතු ප්‍රජාවගේ නිවාස හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරිම වෙනුවෙන් වැවිලි මානව සංවර්ධන භාරය සමඟ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ දි පැවති විශේෂ සකච්ඡාවේදි අමාත්‍යවරයා එය අනාවරණය කළේය.
කඳුකර ආශ්‍රිතව නාය යෑමේ අවදානම වැඩි බවත් ජතික ගොඩනැගිලි පර්යේෂන සංවිධානය හරහා නාය නොයන වතු ඉඩම් හඳුනාගෙන එම ඉඩම් ආශ්‍රිතව මහල් නිවාස ඉදිකිරිමට සැලසුම් කරන බ්වත් අමාත්‍යවරයා කීය.
වගාවට මෙන්ම නිවාස ඉදිකිරිමටත් ඇති ඉඩම් ඉතා අල්පවීම නිසා වතු ජනතාවගේ නිවාස ගැටලුවට විසඳුම් වශයෙන් මෙම මහල් නිවාස ඉදිකිරිමට සැලසුම් කර ඇති බව කී අමාත්‍යවරයා කුඩා දරුවන්ට පෙර පාසලේ සිට ඉගෙනුම් මධ්‍යස්ථාන ද, සමූපකාරයකින් ද ආගමික මධ්‍යස්ථානයකින් යුතු සියලු යටිතල පහසුකම්වලින් සමන්විතව මෙම මහල් නිවාස යෝජනා ක්‍රමය ඉදිකරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙම අවස්තාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් සහ අමාත්‍යශ ලේකම් ප්‍රභාත් චන්ද්‍රිකීර්ති යන මහත්වරු, වැවිලි මානව සංවර්ධන භාරයේ සියලු දිස්ත්‍රික් ප්‍රධානින් ද ඇතුලු පිරිසක් සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනම් හොද වැඩක් ඉඩම් ඉතිරි වෙන
කරුණාකරලා කඳුකර පළාත්වල තවත් ඉදිකිරීම් කරන්න දෙන්න එපා. බැරිද උතුරු නැගෙනහිරින් සුදුසු පළාත් සොයාගෙන මොන ඉදිකිරීම කළත්..., වතු වගාවට තාක්ෂණය එන එක නතර කරන්න බැහැ. මෙයාලාට කරන්න රැකියා නැති වෙනවා. ඉන්න වෙන තැනක, රැකියාව වෙන තැනක, බලන්න පොල් වගාවට ලුණු කර්මාන්තයට මේ ශ්‍රම දායකත්වය ගන්න..
අවුරුදු සියගාණක් තමන්ගේ අයම පාවාදුන්නු තමන්ගේ රටට ද්‍රෝහිවුණු තොන්ඩමන්ලා, දිගම්බරන්ලාට වෙන රස්සා හොයාගන්න වෙයි. ඒවා අපේ සල්ලි. අපේ රටට හම්බ කරලා දුන්නා. අපි ඔක්කොගේම සල්ලි. ස්තූතියි මාලිමාව.
මේ ජනතාවට නිවසක් ඉදිකර දෙන එක ඉතාම හොඳයි. ඒත් මහල් නිවාස ගැලපෙන්නෙ නගර ආශ්‍රිත ප්‍රදේශවලටයි. හරි හමන් මාර්ග පහසුකම් නැති කඳු හා වංගු සහිත පාරවල් ඇති ප්‍රදේශවල මහල් නිවාස ඉදිකර හදිසි ගිණිගැනීමකදී ගිණි නිවන රථයකටවත් ඉක්මනින් ලඟා වෙන්න පුළුවන්ද? නගරවල වගේම ඔවැනි ප්‍රදේශවලට පැය 24 ජල පහසුකම් මලාපවහන විදුලි සෝපාන නඩත්තුව වගේ දේවල් කරන්න පුළුවන් ද? වතුුජනතාවට පදිංචියට පර්චස් 10ක් 20 ක් දෙන්න බැරි තරම් වතුවල ඉඩම් හිඟයක් නැහැ නේද?අනෙක කඳුකරයේ අනාගතයේ වෙන නායයාම් ගැන. හරියටම කියන්න බැරි තත්වයක් තුළ අධික වියදමක් දරා හදන මහල් නිවාස සංකීර්ණයක් ස්වභාවික විපත් නිසා අතහැර දමන්න උනොත් මොකද වෙන්නේ?
පර්චස් 10 බිම් කොටස් වල තනි තනි නිවාස සාදා දෙන්න. මේ මිනිසුන්ගේ ජිවන රටාවත් එක්ක මහල් නිවාස ක්‍රම ඔවුනට ගැලපෙන්නේ නැ.