
(රොමේෂ් මධුෂංක)
නැවත වරක් කිලිනොච්චිය දිස්ත්‍රික්කයට බලපා ඇති අධික වර්ෂාව සහ ජලගැලීම් හේතුවෙන් කුඹුරු අක්කර 500 කට අධික වී යලි පැලවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ගොවීන් දැඩි සේ අසරණව සිටින බවට කිලිනොච්චිය ගොවි සංවිධාන විසින් පෙන්වා දෙයි.
කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ජලගැලීම් වලින් වැඩිම බලපෑම එල්ල වී කණ්ඩාවලෙයි සහ කරච්චි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයන්හි කුඹුරු වෙතට වන අතර එහි කුඹුරු අක්කර 400 කට අධික ප්‍රමාණයක් වැසි ජලය සහ වාන් ජලය රැඳීම හේතුවෙන් වී යලි පැලවීම සහ ගොයම් නරක් වී ඇති බවට එම ගොවීහු පෙන්වා දෙති.
එමෙන්ම වර්ෂාව ඉදිරියටත් පැවතියහොත් කිලිනොච්චියේ කුඹුරු අක්කර දහස් ගණනාවක් විනාශවීමේ දැඩි අවධානමක් පැවතීම හේතුවෙන් ගොවීහු ගැටලු රැසකට මුහුණ පා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ ආණ්ඩුවක් ඇති වුණු දවසකට මේවගේ දේවල් වලට මිනිසුන්ට පිහිට වේවි. එතකන් ඉතින් තම අතමය තම හිසට සෙවනැල්ල. මේ වගේ ගොවි ජනතාව පිටු දකින රජයකට ගොවි ජනතාවගේ සහාය ඉල්ලන්න පුළුවන්ද ලැජ්ජාවක් ඇතුව...?
ගොං සේතන්ම තමයි. ආණ්ඩුවට වර්ෂාව නවත්තන්න යාගයක් කරන්න කියලාද කියන්නේ..?, මීට කලින් මේ රටට වැහැලාම නැහැ නේද? පහුගිය හානි වලට වන්දි දෙනවානේ. වර්ෂාව කාටත් හිසරදයක් තමයි , තමුන්ලා වගේ අම්බරුවන්ට නම් එක අතකින් හොඳයි.
"රට අඳුරට'
වර්ෂා ජලය නිසි ලෙස කලමනාකරණය නොකිරීමේ විපාක...! ආයිත් පරාක්‍රමබාහු රජ්ජුරුවන්ටම එන්න වෙයි වගේ...!