IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

රටේ ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය ඇති කරමින් ශ්‍රී ලංකාව යළි යථා තත්ත්වයට ගෙන ඒමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගන්නා උත්සාහය බෙහෙවින් අගය කරන බව වතිකානයේ රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම් පෝල් රිචඩ් ගැලගර් අගරදගුරු තුමෝ ප්‍රකාශ කළහ.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය තමා මෙන්ම ශුද්ධෝත්තම පාප් වහන්සේද බොහෝ අගයන බව පැවසූ ගැලගර් අගරදගුරු හිමියෝ ලියෝ පාප් වහන්සේ නුදුරු අනාගතයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම පිළිබඳව සලකා බලනු ඇති බවද වැඩිදුරටත් පැවැසූහ.

ආර්ථික ස්ථායීකරණයට මෙන්ම ජාතික සමගිය වර්ධනය කිරීමට ශ්‍රී ලංකාව දරන උත්සාහයන්ට  වතිකානුවේ සහාය හිමි වන බවද ගැලගර් අගරදගුරු තුමෝ කීහ.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි වතිකාන රාජ්‍ය සහ ජාත්‍යන්තර සංවිධාන සබඳතා පිළිබඳ ලේකම්, අගරදගුරු තුමෝ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (04)  ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූ අවස්ථාවේදී මේ බව සඳහන් කළහ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ගැලගර් අගරදගුරු තුමන් උණුසුම් ලෙස පිළිගන්නා ලද අතර, මෙරට වත්මන් තත්ත්වය සහ වත්මන් රජය යටතේ අත්කර ගෙන ඇති ආර්ථික ප්‍රගතිය පිළිබඳව දැනුවත් කළේය.

දෙරට  අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 50ක් සපිරෙන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සිදු කරන සංචාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා  අගරදගුරු තුමන් වෙත සිය ස්තූතියද පළ කළේය.

අගරදගුරු තුමන්ගේ සංචාරය ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් බව සඳහන් කළ ජනාධිපතිවරයා,  වතිකානය සහ ශ්‍රී ලංකාව අතර අඩ සියවසක රාජ්‍යතාන්ත්‍රික සබඳතා මෙරටට බොහෝ ප්‍රතිලාභ අත්කර දී ඇති බව සඳහන් කළේය.

එම සබඳතා අධ්‍යාත්මික වශයෙන් පමණක් නොව   රට තුළ මානව ගරුත්වය ප්‍රවර්ධනය කිරීමෙහිදී ද  ඉතා වැදගත් වූ  බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයට දුන් සහාය මෙන්ම, සුනාමි ව්‍යසනයෙන් පසු රට යළි යථා තත්වයට ගෙන ඒම සඳහා වතිකානය ලබා දුන් සහායද ජනාධිපතිවරයා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේය.

මෙහිදී ජනාධිපතිවරයා  XIV වන ලියෝ පාප් වහන්සේගේද  සුවදුක් විමසා  උන්වහන්සේට  නිදුක් නිරෝගී සුවය සහ ශක්තිය ප්‍රාර්ථනා කරමින් සිය සුබපැතුම් එක් කළේය.



අදහස් (7)

වතිකාන විදෙස් ඇමැති ජනපති අනුර හමුවෙයි

ගුණරත්න Tuesday, 04 November 2025 06:46 PM

පාප්වහන්සේ වඩින එක ඉතා හොඳයි, නමුත් පුළුවන් නම් දලයි ළාමාතුමන් සංචාරයකට ගෙන්වාගන්න.

:       18       44

ලක්විදුTuesday, 04 November 2025 09:53 PM

ගුණරත්න දන්නා තරම, දලෙයි ලාමා අදහන ආගම අදහන්නන් ලංකාවේ නැත...

:       0       0

බද්රානි Tuesday, 04 November 2025 08:23 PM

ගුණරත්නගේ අදහස ගොඩක් හොඳයි... එත්, ඉතින් බුදු දහම විකුණගෙන බඩ ගෝස්තරය රැක ගන්න ලංකාවේ පුජ්‍ය රැල දලෙයිලාමා තුමන් මෙරටට වඩිනවාට විරුද්ධව උද්ඝෝෂණ කරන්න පටන් ගනියි... අනික උන්වහන්සේට නොගැලපෙන තැනකට වඩින එක ලෝක ගෞරවයට පාත්‍රවී සිටින එතුමාට අගෞරවයක්.. මියන්මාරයේ "චිරතු" ලාගේ ධර්මෙනේ අපේ අය පිළිපදින්නේ... තමන්ගේ රටේ ජාතික ගීයටවත් නැගිට ගෞරව නොකරන පූජකයින්ගෙන් රටකට ශාපයක් මිස, ආශිර්වාදයක් තිබේද..? පසුගිය වතාවේ, මෙරටට පැමිණි පාප්තුමා ලංකාවේ ජාතික ගීයට නැගිට සිට ගෞරව දක්වා, ලංකාවේ බෞද්ධ පූජකයින් වෙත ගොස් ආචාර කළා. පුටුවල ඇලී හිටපු පූජකයින් උද්දච්ජ ලීලාවෙන් හිටියා.. ලෝකයේම පිළිගත්, බෞද්ධ හා ක්‍රිස්තියානි නායකයින්ගේ නිහතමානී හැසිරීම් ඉදිරියේ, මොවුන්ගේ උද්දච්ජ හැසිරීම් ගැන ලජ්ජා විය යුතුයි.. අර කතාවක් තියනවනේ, "පැසුණු වී කරල් පොළොවට නැවෙන විට, බොල් වී කරල් අහසට එසවී" සිටින බව....

:       0       1

Nihal Tuesday, 04 November 2025 11:59 PM

අනේ පාප්තුමෝ..., ඔබ වහන්සේ කැමැති සැපයක් ලැබෙයි. මේ මනුස්සයාගේ බොරු කීම නවතා දෙන්න...

:       0       1

Nishan Wednesday, 05 November 2025 08:27 AM

වැඩේ යටින් යනවා වගේ. මේ ඊයේ පෙරේදා සමාජ මාධ්‍යයෙන් දැක්කා මෙහෙණි ආරාමයක බණ දැම්මා කියලා මෙහෙණියකට ප්‍රසිද්ධියේ කුණුහරපෙන් බනිනවා මාලිමාවේ කෙරුමෙක්...

:       1       1

ශාන් Wednesday, 05 November 2025 10:54 AM

දලෙයි ලාමාතුමන්ව ගෙන්වන්න බෑ. චිනය තදින් විරුද්ධයි.

:       0       1

Nihal Wednesday, 05 November 2025 03:23 PM

අනේ පාප්තුමෝ, මොන විදිහකින් හරි මේ මනුස්සයා බේගල් ඇදබාන එක නතර කරලා දෙන්න. පින් සිද්ද වෙයි.

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 763 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2406 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1760 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site