IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා

(අංජුල මහික වීරරත්න)

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ දී පැවසීය.

ආයෝජන කළ හැකි සෑම බිම් අඟලකම  අලුත් ආයෝජන ඇති කරන්නට  කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

"කොළඹ වාණිජ ඉඩම් විශාල ප්‍රමාණයක් තිබෙනවා. ආණ්ඩු වාණිජ වටිනාකම් තිබෙන ඉඩම් නිකම් තියාගෙන වැඩක් නැහැ. ඒවා ඵලදායී ව්‍යාපෘතිවලට යෙදවිය යුතුයි. නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන සැලැස්මක් හදා තිබෙනවා. ඒ අනුව හොඳ ආයෝජකයන්ට එම වාණිජ ඉඩම් ලබා දීමට කටයුතු කරනවා" යනුවෙන්ද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (8)

වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා

නිමල් Wednesday, 23 April 2025 08:09 PM

වටිනාකමකින් ඉහළ රජයේ ඉඩම් ටික හිතවතුන් ට සහ විදේශ රටවලට දෙන වැඩපිළිවෙළක් ඔය. ඔය විදියටම තමයි කලින් ආණ්ඩුත් කිව්වේ. ඒ කාලේ ෂැන්ග්‍රිල්ලා එකට ගෝල් ෆේස් එක ඉස්සරහා ඉඩම් දෙන කොට ඔබතුමා මොනවද කිව්වේ...? ඇත්තටම මේ ඉන්නේ ඒ අනුර කුමාර දිසානායක මැතිතුමා ද?

:       17       54

ගුණරත්න Wednesday, 23 April 2025 08:37 PM

ඉස්සර හිටපු ආණ්ඩුත් මේ වගේ දෙයක් කරන්න හැදුවොත් එක කට්ටියක් මාරාන්තික උපවාස පවා කරන තරමට දුරදිග ගියා. රාජ්‍ය දේපළ විකුණන් කනවා කියලා තමයි උන් කිව්වේ.

:       1       2

ranjith Wednesday, 23 April 2025 08:47 PM

රනිල්ගේ වැඩේ රනිල්ට වඩා හොඳට කරන් යන පාටයි. කලින් කිව්වේ මොනවද ? දැන් කියන්නේ මොනවද?

:       1       2

Chathuri Wednesday, 23 April 2025 10:09 PM

එදා අනුර කුමාර නික්ම්ම නිකම් මන්ත්‍රි කෙනෙක් විතරයි. අද එයා රටේ ජනාදිපති. එදා මෙවැනි දේවල් කෙරුවේ. ජනපති වෙසින් හිටපු කම්බ හොරු. දේපල කුනුකොල්ලෙට විකුණලා කොමිස් මුදල් ඊට වැඩියෙන් අරන් තමන්ගේ සාක්කු පුරවන බව අනුර එදා දන්නවා ඒ නිසා විරුද්ධ වුණා. ඔයා පිරිමියෙක් නේද රටේ දේශපාලුවෝ ගැන දන්නෙම නැද්ද. සේරම කඩේ යන පල් හොරුන්ටා අනුර කුමාරගෙ හරි තීරණ වැරදියට පේන්නෙ කොහොමද. මේ හොර නඩේ බොරු නම්වලින් මේවා ලියන්නේ. මාලිමාවේ හොරු නැහැ. ඒ නිසා බය වෙන්න දෙයක් නැහැ.

:       2       1

Perera Thursday, 24 April 2025 12:12 AM

කලින් ආණ්ඩු රජයේ ඉඩම් එක එක ආන්ඩුවේ එවුන්ගේ හිතුමතේට දුන්නේ. උන් එකතු වෙලා උන්ගේ සාක්කුවට ගාණක් දාගෙන. දැන් එහෙම වෙන්නේ නැහැ. ඔන්න ඕකයි වෙනස.

:       2       1

Harimanis Thursday, 24 April 2025 08:22 AM

යකෝ ඒ කාලේ හිටපු අනුරද මේ ඉන්නෙ?? දැන් මේවා කියන්නේ කටින්ද ??

:       2       15

prasanna Thursday, 24 April 2025 10:06 AM

බොරු ගොතමින් රට ගෙනියන්න බැහැ. මේවා ක්‍රියාත්මක කළාට පස්සේ තමයි මාධ්‍යට කියන්න ඕනෙ.

:       3       15

Janitha Thursday, 24 April 2025 12:50 PM

ආයෝජකයන් වෙනුවට හිත මිතුරු යන වචන හොඳින් ගැලපෙන බව යෝජනා කරමි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site