
(විමුක්ති එස් රුද්‍රිගු)
ලෝක බැංකු දත්ත වාර්තාවලට අනුව ලෝකයේ වාහනයක් මිලදී ගැනීම සඳහා මිල අධිකම වෙළෙඳපොළවල් තිබෙන රටවල් අතර තෙවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවන බව ඇඩ්වොකාටා ආයතනය සිය මුහුණු පොතේ සටහනක් තබමින් ප්‍රකාශ කළේය.
වාහනවල 2021 වසරේ මිල ගණන්වලට අනුව මෙරට වාහනයක මිල ගෝලීය සාමාන්‍ය මිලට වඩා 1.75 ගුණයකින් ඉහළ බවත් මෙරට වාහන මිල ගණන් දෙවැනි වන්නේ සිංගප්පූරුවට සහ මාලදිවයිනට පමණක් බවත් එම සටහනේ දැක්විණි.
එම ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලකුණු 175 ක් ලැබී ඇති අතර මාලදිවයිනට ලකුණු 224.7ක්, සිංගප්පූරුවට ලකුණු 355.8ක් ලැබී ඇත.
වාහන ආනයනයට පනවා ඇති ඉහළ බදු ප්‍රතිශත සහ සීමාකාරී ප්‍රතිපත්ති හේතුවෙන් මෙරට වාහන හිමිකාරිත්වයක් ලබා ගන්නවා යනු ස්වල්ප දෙනෙකුට දැරිය හැකි සුඛෝපභෝගී දෙයක් බවට පත්වී තිබෙන බවත් එය සංචලතාව, ඵලදායිතාව සහ ආර්ථික අවස්ථා කෙරෙහි වක්‍රාකාරයෙන් බලපෑම් එල්ල කරන බවත් ඇඩ්වොකාටා ආයතනය ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ආණ්ඩුව තබපු තවත් වාර්තාවක්...
වාර්තා තමයි, වක්කඩ කැඩුවා වගේ ගෙනෙයි මිල අඩු කළොත්, එතකොට ඩොලර් හිඟයට මොකද වෙන්නේ, එතකොට ඕවාට යන ඉන්ධන අමතර කොටස්... ඒවාටත් ඩොලර් යන්නේ, දැනුත් පාරට බැස්සාම අලුත් වාහන කීපයක් පේනවා, මාර්ග ඉඩ මදිකමට මොකද වෙන්නේ, ඒවත් කල්පනා කරලා රජයට දොස් තබන්න. අමතක කරන්න එපා වසර පහකට පස්සේ කරපු වැඩක් බව මෙහෙම හරි ගෙන්වන එකට සතුටුයි. ඩොලර් හිඟවෙලා අත්‍යාවශ්‍ය බඩු ගෙන්වන්න බැරි වෙනකොට ඒවාටත් රජයට බනිමු...
සෙනවිරත්න හරි. සමහර අය ආණ්ඩුව විවේචනය කරන්න වාහන මිල වැඩිවීම යොගාගෙන තියෙනවා. එක පාරටම වාහන මිල අඩු කරලා ගේන්න ගියොත් ආයෙමත් රටේ ඩොලර් හිඟවෙලා තෙල් පෝලිම් තමයි.
අපි සින්ගප්පූරුවක් කරන්න කියන අය, මේක හොඳට කියවන්න...!
වාර්තා ගැන දැනගන්න ඕනෑම නම් සිංගප්පුරුවේ සිස්ටම් එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න. කොච්චර සල්ලි තිබුණත් සමහරවිට වසර ගණනාවකටවත් වාහනයක් ගන්න බැහැ. පොරොත්තු ලේඛනය එච්චරට දිගයි. හැබැයි බොහොම හොඳ පොදු ප්‍රවාහන සේවාවක් තියෙනවා.
මේ වාර්තාව 2021 මිලට අදාළ වාර්තාව, 2025 මිලේ වාර්තාව ආවොත් තවත් සන්තෝස වෙන්න පුළුවන් වෙයි ලෝකෙන්ම අංක එක වෙලා, සුබ පැතුම් මාලිමා ආණ්ඩුවට. මේකත් ජයග්‍රහණයක්නේ නැත්ද? කෝටියක් දීලා ලක්ෂ 15 කාර් එක ගන්න එක...
ලංකාව මාලිමාව චන්දෙට කලින් පොරොන්දු වුන විදිහට පොහොසත් රටක ලස්සනට ජිවත් වෙන දේශපාලකයන් සහ නිලධාරීන් සිටින රටක් ,එහම වුනහම වාහන මිල ටිකක් වැඩි වෙනවා , හැමෝම බැන්නත් වාහන මිල යම් සහනදායක මට්ටමකට කජු සීයාගේ යහපාලන කාලේ තිබුනා , එදා ඩොලර් එක රුපියල් 150 සිමාවේ තිබෙන කොට අලුත් ෆුල් ඔප්ෂන් වැගන් R එකක් ලක්ෂ 27-28 සිමාවේ තිබුනා . එදා මධ්‍යම පන්තිකයට Wagon R එකක් මරුටියක් ගන්න පුළුවන් වුන නමුත් අද ඩොලර් එක රුපියල් 300 සීමාවේ , වැගන් R එක ලක්ෂ 85-90
වාහන කෙසේවෙතත් පොදු ජනතාවගේ ත්‍රිරෝද රථයට ගහන බද්දත් ඉතා විශාලය. රටේ පොදු ප්‍රවාහන සේවය තවමත් අවුල් , නමුත් රජය සතුව තිබු වාහන ගෝල්ෆේස් එකේ පෝලිම් ගස්වල මාධ්‍ය සංදර්ශන තියල හිතවතුනට අතයට මුදලකට විකුණලා දැම්මා , දැන් හදන්නේ සල්ලි දීල රජයට අලුතෙන් සුඛෝපභෝගී ඩබල් කැබ් රථ 2000 පිට රටින් ගෙන එන්න , මේවා නඩත්තු සහ ඉන්දන වියදම් අඩු වාහන නොවේ සිලින්ඩර් ධර්තව 2000 ට වැඩි වාහන , මරුටි සහ ඉන්දියන් වාහන වල රජයේ නිලධාරියෝ ගියහම මොකද ප්‍රශ්නේ ? කොළඹ තිබෙන කාර්යාල වල භාවිතයට 4X4 වාහනම අවශ්‍යද ?