
(අංජුල මහික වීරරත්න)
සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය යටතේ දැනට ගෙවනු ලබන ප්‍රතිලාභ වල වටිනාකම් ඉහල නංවමින් එම යෝජනා ක්‍රමය සංශෝධනය කිරීම පිණිස 2025-03-17 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, සංශෝධිත අස්වැසුම සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය අංක 2429/02 දරන හා 2025-03-24 දිනැති අති විශෙෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබ ඇත.
එකී සංශෝධිත අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොකු උදව්වක් මිනිස්සුන්ට
අපට අස්වැසුම් නැහැ, තියෙන මිනිසුන්ටම නේ හැමදේම දෙන්නේ , ළමයි 4ක් ඉන්නවා, කටුමැටි ගෙදරක ඉන්නේ
ගියපාර රජයේ තනිකර කරේ අසාධාරණකම. සල්ලි තියෙන මිනිස්සුන්ට තමයි අස්වැසුම දීලා තියෙන්නේ... ඒ මිනිස්සු තවම ඒක භුක්ති විඳිනවා. නීතිමය කිසිම පියවරක් ගෙන නැත. දීමට සුදුසු සිටියදීත් තව එහෙ මිනිසුන්ට ඒවා ලබාදී නැත. අසාධාරණ වැඩ මේවා. බලධාරීන්ගේ ඇසට ගැටේවා..!