IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


ලෝක වාර්තාවක්: බබාලා 10ක්

නව ලෝක වාර්තාවක් තබමින් දකුණු අප්‍රිකාවේ මවක දරුවන් 10 දෙනකුට උපත ලබා දී ඇත.

දරුවන් දස දෙනාගෙන් හත් දෙනකු පිරිමි දරුවන් වන ඉතිරි තිදෙනා ගැහැනු දරුවෝ ය.

ස්කෑන් පරීක්ෂාවට යොමු කළ අවස්ථාවේ පෙන්වූයේ දරුවන් අට දෙනකු බවත් දරුවන් දස දෙනකු ලැබීමෙන් තමන් පුදුමයටත් විස්මටටත් පත් වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දරුවන්ට උපත දුන් ගෝෂාමි තමාරා ෂිත්හෝල්ස්ගේ ස්වාමි පුරුෂයා පැවැසීය.

දකුණු අප්‍රිකාවේ සෞඛ්‍ය බලධාරියකු ද මේ පුවත තහවුරු කර ඇත.

දරුවන් පස් දෙනකු ස්වභාවිකව උපත ලබා ඇති අතර ඉතිරි පස් දෙනා සිසේරියන් සැත්කමක් මගින් ප්‍රසූත කර ඇති බව ද වාර්තා විය.

ඉකුත් මාසයේ දී මාලි හි 25 හැවිරිදි මවක වූ හලීමා සිසේ දරුවන් නව දෙනකුට උපත ලබාදුන් අතර ඔවුන් මේ වන මොරොක්කෝවේ සායනයක යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව වාර්තා වේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ මවක 2009 වසරේ දී දරුවන් අට දෙනකුට උපත දුන් අතර එක් අවස්ථාවකදී වැඩිම දරුවන් සංඛ්‍යාවකට උපත ලබා දීමේ සහ එම දරුවන් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවීමේ ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ද ඇය යි.

බී.බී.සී. ඇසුරිනි



අදහස් (0)

ලෝක වාර්තාවක්: බබාලා 10ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 369 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 434 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 403 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site