
(අංජුල මහික වීරරත්න)
විදුලි බල මණ්ඩලයේ නිලධාරී මාෆියාව අනුව වත්මන් පාලකයන් ක්‍රියා කරන්න ගත්තොත් මේ පාලකයන්ටත් අත් වන්නේ එදා සිටි පාලකයන්ට අත් වූ ඉරණම බව දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක ඕමල්පේ සෝභිත නා හිමියෝ කොළඹ මාධ්‍ය හමුවක දී පැවසූහ.
සියයට තිහක් වත් විදුලි බිල අඩුවිය යුතු බවට අප බලාපොරොත්තු වුණා. සාධාරණ පිරිවැය මුල් කරගෙන මිල තීරණය කළ යුතුයි. විදුලි බල පනතේ තිස්වැනි වගන්තියට අනුව මහජන උපයෝගීතා කොමිසමට ඒ බලය තිබෙනවා. විදුලි බල මණ්ඩලය බිලියන 200ක ලාභයක් ලබා තිබෙනවා.
මේ ලාභය ලැබුවේ කවුරු වෙනුවෙන් ද, ආගමික ස්ථාන වලට සියයට පන්සීයකින් විදුලි බිල වැඩිකර, සාමාන්‍ය ජනතාවට සියයට තුන්සීයකින් පමණ විදුලි බිල වැඩිකර, මේ ලාභය හදන්නේ කුමක් සඳහා ද යනුවෙන් සෝභිත හිමියෝ ප්‍රශ්න කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ හාමුදුරුවනේ විදුලිය විතරක් නෙවෙයි, මුළු ආණ්ඩුවේම බර, නාස්ති කරන මුදල් ඔක්කොම දුප්පතාගේ කරපිට තියලා තියෙන්නේ. ඔබ වහන්සේලා යටිගිරියෙන් කෑ ගැහුවේ මේ ටික කරගන්නද?
අහු වෙන්න? අහු වෙන්න දෙයක් නැහැ හාමුදුරුවනේ! ඔය ආයතනයේ යූනියන් ලොක්කන් ප්‍රසිද්ධියේ පුරසාරම් දෙඩුවා මේ ඔවුන්ගේ ආණ්ඩුව කියලා. එක ඇත්තක් තමයි, යූනියන් ලොක්කන් තමයි දැන් මේ ආයතන පාලනය කරන්නෙත්.
ඉතින් මේ ඇත්තොත් කලින් හිටපු ගොබ්බයෝ එක්කත් මේ විදියට. තර්කකෙරුවානම් ජනතාව දුක් විදින්නෙ නැහැ. දැන් පාරේ යන බල්ලොත් එනවා බුරාගන කිසිම බයක් නැතිව නැට්ට පස්සෙ ගහන් හිටිය කට්ටිය
ආ මෙයා මෙච්චර කල් කොයිද හිටියේ