
(පුෂ්ප කුමාර මල්ලව ආරච්චි)
කොළඹ මහනුවර මහා මාර්ගයේ දංඕවිට හොරගස්මංකඩ පොලිස් මාර්ග බාධකය ආසන්නයේදී අද( 22 ) යතුරු පැදියක් පෙරලුණු අවස්ථාවේ එහි පසුපස ගමන් ගනිමින් සිටි යුද හමුදා සෙබළියක ඉදිරියෙන් පැමිණි ලොරියක යටවී බරපතල තුවාල සහිතව රෝහල් ගත කිරීමේදී මරණයට පත්ව ඇතැයි දංඕවිට පොලිසිය කියයි.
මෙසේ මිය ගස් ඇත්තේ යක්කල යුද හමුදා කදවුරේ සේවය කළ මාරගල්කන්ද, ඉහලවල කුඹුර,අලව්ව ලිපිනයේ පදිංචි කාරියක වූ රාජපක්ෂ පේඩිගේ දිල්ශානි මධුෂිකා 26 නැමැත්තියකි.
මියගිය කාන්තාව එම යුද හමුදා කඳවුරේම සේවය කරන සැමියා සමඟ යතුරුපැදියෙන් සේවයට යමින් සිටින අතරදී හදිසියේම යතුරුපැදිය පෙරළී ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත.
යතුරුපැදිය පෙරළුණු අවස්ථාවේ යුද හමුදා සෙබළිය පාර පැත්තට වැටී ඇතැයිද ඒ වන විට කොළඹ දෙස සිට අනුරාධපුරය බලා ගමන් ගනිමින් තිබූ ලොරි රථයට ඇය යටවී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරියට යට වී සෙබළිය මරුට