
(යොහාන් භාසුර)
නව දේපල බද්දක් 2025 වසරේ හඳුන්වාදීමට බලාපොරොත්තු වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
දේපල බද්ද සෘජු බද්දක් වන අතර එම බද්ද ඉහළ දේපලක් ඇති පුද්ගලයන්ගෙන් පමණක් අය කරන නිශ්චිත මුදලක් බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
නව වක්‍ර බදු හඳුන්වා දීමට හෝ බදු ප්‍රතිශතයන් ඉහළ දැමීමේ බලාපොරොත්තුවක් ආණ්ඩුවට නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.
වක්‍ර බදු හේතුවෙන් භාණ්ඩ මිල ඉහළ නොයන බවත් භාණ්ඩවල ඉල්ලුම සැපයුම මත භාණ්ඩ මිල තීරණය වන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
භාණ් ඩ වල මිලට ඉල්ලුම සැපයුම බලපානවා තමයි, හැබැයි එහි නම්‍ය අනම්‍ය බව අමතක වෙන්න ඇති, බදු ගහන්නෙත් භාණ්ඩ වල මිලටමයි කියලත් අමතක වෙන්න ඇති. අනේ පව්....2025 වසර වනවිට බලයේ ඉන්න පිලිවන් වෙයි කියලය හිතන් ඉන්නෙ?
2025 වන තුරු ඔබලාව තියාගන්න අපේ අදහසක් නැති බව මතක තියාගනිල්ලා
2025 වෙනකන් කව්ද ඔයලව තියාගන්නෙ, ඔයාලට බදු හඳුන්වා දෙන්න වෙන්නෙ වැලිකඩ තමයි, ඒ වෙනකන් ඔයලා ජීවත් වෙලා හිටියොත් කර්ම ඵල වලින් බේරිලා
වරිපනම් බදු කියන්නේ දේපළ වලට ගහන බද්දයි. එකම කාරණයට බදු දෙකක් ගහන්නේ කොහොමද මහත්තයෝ...?
"ඉහල දේපල "යන්නෙහි නිර්වචනය කුමක්ද කියලා පැහැදිලි නැත
මේ රටවලත් property tax කියලා අපි ගෙවනවා.
ඕවා කොරන්න ලබන අවුරුද්දෙත් සියඹලාපිටි උන්නැහේ මුදල් ඇමතිකමේම ඉදීද ?
ලබන අවුරුද්දෙ ඕගොල්ලො ඉන්න එපැයි ඕව කරන්න.
ඉහළ දේපල කියනවා ඇත්තේ සාමාන්‍ය ජනතාව භුක්ති විඳින පර්චස් 20-40 අඩු ඉඩම් හා ගෙවල් දොරවල් නොවෙයි.., විශාල වශයෙන් ඉඩකඩම් හිමි, විශේෂයෙන් JR බලයට පත්වීමත් සමගම ඉඩම් සීමා පනත උල්ලංගනය කරමින් JR පාක්ෂිකයෝ අත්පත් කරගත්ත ඉඩම් හිමිකාරයින්ගේ ඉඩම් හා සුපිරි පන්නයේ ගෙවල් වෙන්න ඇති. මොකද ප්‍රශ්නයක්ද? බය වුණාද? විශාල රටක් වෙන CANADA වේ සාමාන්‍ය කෙනෙකුට දේපලක් හැටියට ගන්න පුළුවන් වර්ග අඩි 3000- 4000 පමණ ඉඩමක් හා එහි ඇති වර්ග අඩි 1700 ගෙයක්. වාර්ෂික TAX එක රුපියල් වලින් 941880/= යි.