(අංජුල මහික වීරරත්න)
ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක වෙළෙඳ සංවිධානයේ (WTO) ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය (TPR) සහ එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධනය පිළිබඳ 16 වන සැසි වාරය (UNCTAD XVI) සඳහා වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා දූත පිරිස සහභාගී වෙති.
මෙම 15 වන දින සිට 20 දක්වා මෙම සැසිය පැවැත්වේ.
නව රජය බලයට පත් වීමෙන් පසු පැවැත්වෙන පළමු වෙළෙඳ ප්‍රතිපත්ති සමාලෝචනය මෙය වන අතර WTO යටතේ ඇති සාමාජික රටවල වෙළෙඳ ප්‍රතිපත්ති රාමු පිළිබඳව සාකච්ඡා කිරීම හා ඒවායේ විනිවිදභාවය තහවුරු කිරීම මෙහිදී සිදු වේ.
ශ්‍රී ලංකාවේ වෙළෙඳ හා ප්‍රතිපත්ති ප්‍රගතිය පිළිබඳව WTO සාමාජිකයින් සමඟ සාකච්ඡා කරනු ලබන මෙම සමාලෝචන සැසිවල මුලසුන ලංකා වෙළෙඳ අමාත්‍යවරයා විසින් දරනු ලැබේ.
ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රකෘතිය සහ අපනයන වර්ධනය කෙරෙහි අවධානය යොමු කරන තීරණාත්මක අවස්ථාවක මෙම වත්මන් සමාලෝචනය සිදු වීම ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රගතිය, ධනාත්මක වර්ධනයන් සහ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති පැහැදිලි කිරීමට වැදගත් අවස්ථාවක් බව වෙළෙඳ අමාත්‍යංශය කියයි.
මෙම සංචාරය අතරතුර අමාත්‍යවරයා එක්සත් ජාතීන්ගේ වෙළෙඳාම සහ සංවර්ධනය පිළිබඳ සමුළුවේ 16 වන සැසි වාරයේ (UNCTAD XVI) අමාත්‍ය සමුළුවට ද සහභාගී වීමට නියමිතය.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ලංකා වෙළඳ ප්‍රතිපත්තිය ගැන කියන්න වසන්ත ස්විට්සර්ලන්තයට
චන්දිම Monday, 13 October 2025 09:11 PM
මේකට අර එතුමාගෙ මහජන සම්බන්ධතා නිලදාරීතුමියත් සහබාගී වෙනවද? එතුමිය ගියොත් තමයි මේක සාර්තක වෙන්නෙ
Bandara Monday, 13 October 2025 10:22 PM
ආය අමු ගවයා ඈ
Nishan Tuesday, 14 October 2025 06:27 AM
අපරාදේ වෙළඳ ප්‍රතිපත්ති සමාලෝචනය හොඳටම කරන්න තිබ්බ චාන්ස් එක අර බදුල්ලේ විපක්ෂේ බඩ මහත මන්ත්‍රී නැති කලානේ.
අරුණි Tuesday, 14 October 2025 07:52 AM
වඩේ විකුනලා සිටුවරයකු වූ හැටිත් කියන්න. ඊට ඉස්සෙල්ලා අපේ තාත්තා රවටලා පැලවත්තට ගෙනිච්ච අපේ කෙසෙල් කැන ආපහු ගෙනල්ලා දෙන්න.
සමන් විමල් Tuesday, 14 October 2025 01:11 PM
අරුණී, සැර වැඩි නැද්ද අප්පා.
සමන්-ඕමානය Tuesday, 14 October 2025 09:18 AM
අර ගෑණු ළමයා එක්ක ගියේ නැද්ද? අයියෝ, මේ චාමර අයියා බාල්දියක් දැම්මේ නැත්නම්...........
Sunil Tuesday, 14 October 2025 02:15 PM
අර කිරි ටොයියා කෑල්ල ගියාද බං