(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කරන්නේ වසර 20කට පමණ පසුවය.
අජේ බංගා මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක බැංකු සමූහයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට සංචාරයක නිරත වනලෙස ඔහුට ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අජේ බංගා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය.
වර්තමානයේ ලෝක බැංකුව මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් වටිනා ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ලෝක බැංකු සභාපති අද දිවයිනට