
(විමුක්ති එස් රුද්‍රිගු)
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවක් මත ලෝක බැංකු සමූහයේ සභාපති අජේ බංගා මහතා අද (07) දින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ලෝක බැංකු සභාපතිවරයෙකු ශ්‍රී ලංකාවේ සංචාරයක් සිදු කරන්නේ වසර 20කට පමණ පසුවය.
අජේ බංගා මහතා පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ලෝක බැංකු සමූහයේ සභාපති ධුරයට පත්වූ අවස්ථාවේ ජනාධිපති අනුර කුමාර දිසානායක මෙරට සංචාරයක නිරත වනලෙස ඔහුට ආරාධනා කර ඇත.
ශ්‍රී ලංකා සංචාරය අතරතුරදී අජේ බංගා මහතා, ජනාධිපති අනුර කුමාර දිසානායක, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය සහ රජයේ සහ පුද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් හමුවීමට නියමිතය.
වර්තමානයේ ලෝක බැංකුව මෙරට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.2 ක් වටිනා ව්‍යාපෘති සඳහා සහාය ලබා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd