IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ලංකාව ආසියාවේ ලොකු හවුලකට

(අංජුල මහික වීරරත්න)

ආසියාන් ආංශික සංවාද හවුල්කාරිත්වය (SDP)ට ලංකාවේ වැඩ සැලැස්ම ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමය (ASEAN) අග්නිදිග ආසියාවේ රටවල් 10ක එකතුවෙන් සැදුම්ලත් දේශපාලන හා ආර්ථික සංගමයකි.

 එයට ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන ආර්ථීකයන් කිහිපයක් ඇතුළත් වන අතර එම රටවල් දළ වශයෙන් ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 6.5%කට පමණ දායක වේ. 

ශ්‍රී ලංකාව මේ වන විට සියලුම ආසියාන් සාමාජික රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන නමුත් හවුල්කාරී ආර්ථික ප්‍රගතිය සදහා ආසියාන් සමඟ ශක්තිමත් සම්බන්ධතාවක් අත්‍යවශ්‍ය වන බව  පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

අග්නි දිග ආසියාවට අයත් නොවන රාජ්‍යයන්ට ආසියාන් සාමාජිකත්වය ලබා ගැනීමට නොහැකි වුවද ආසියාන්හි අරමුණු සඳහා දායක වීමට ඇති හැකියාව මත පදනම්ව බාහිර රාජ්‍යයකට " ආංශික සංවාද හවුල්කරුවකු " ගේ තත්ත්වය පිරිනැමීමට ආසියාන් සංගමයට හැකියාව පවතී.

ශ්‍රී ලංකාව 2019 වර්ෂයේදී ආංශික සංවාද හවුල්කාරීත්වය සඳහා අභිප්‍රාය ලිපියක් හා ආසියාන්හි අරමුණ ඉටු කර ගැනීම සඳහා යෝජනාවක් ආසියාන් ලේකම් කාර්යාලයට ඉදිරිපත් කර ඇති නමුත් ඒ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගෙනා නොමැත. 

එබැවින්, බාහිර පාර්ශවයකට "ආසියාන්හි ආංශික සංවාද හවුල්කරුවකුගේ තත්ත්වය ලබා ගැනීම සඳහා ආසියාන් විසින් දක්වා ඇති ක්‍රියාවලිය අනුගමනය කරමින් 2019 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද අභිප්‍රාය ලිපියට අදාලව පැහැදිලි කාල රාමු සහිත නව වැඩ ක්‍රියාකාරකම් සැලැස්මක් ශ්‍රී ලංකාව විසින් ඉදිරිපත් කිරීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (0)

ලංකාව ආසියාවේ ලොකු හවුලකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site