
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ඇමරිකාව විසින් මෙහෙම ප්‍රතිචාරක බදු පනවන බව මුළු ලෝකෙම දැනගෙන හිටියත් ලංකා රජය මේ ගැන දන්නේ නැද්දැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අපනයනකරුවන්ගේ සුබ සිද්ධිය සඳහා එක්ස් වැට් ක්‍රමය මෙලෙසම ක්‍රියාත්මක වීම හොඳ බවට යෝජනා ලැබී තිබෙනවා. අප රටේ අපනයන ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග රැසකට මුහුණ දී තිබෙනවා.අපට අපේ අදහස් මේ සභාවට ඉදිරිපත් කිරීමටත් පින්සෙන්ඩු වෙන්න සිදුවී තිබෙනවා.
ඩොනල් ට්‍රම්ප් ජනාධිපති වෙච්ච එක වත් රජය දන්නේ නෑ මං හිතන්නේ. ඩොනල් ට්‍රම්ප් චන්දෙ දිනන්න පෙරම අදාල බදු පනවන කතාව කිව්වා. ජනතා විමුක්ති පෙරමුණ වගේ චන්දෙ දින්නට පස්සේ ඒ ප්‍රතිපත්ති වෙනස් කරාවි කියලා මේ ආණ්ඩුව හිතුවද දන්නේ නෑ යනුවෙන්ද විපක්ෂ නායකවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම හිතන්නේ ඇමරිකාවට වඩා අපිට ගේම දීලා තියෙන්නේ ඉන්දියාව, බදු ගහන්න කලින් ට්‍රම්ප් ඉන්දියාව හැඳින්නුවේ "tariff king " කියලා, හැබැයි මෝඩි ට්‍රම්ප් එක්ක ඩීල් එකක් දාලා අන්තිමට ඉන්දියාවට කලාපේ අනිත් රටවල් වලට වඩා සෑහෙන්න අඩු බදු ප්‍රතිශතයක් ගහලා, දැන් ලංකාව වගේ වටේ තියන පොඩි රට වල බිස්නස් ටික ඔක්කෝම ඉන්දියාවට අල්ලාගන්න පුළුවන්...
අනේ ලොක්කා ඔයා කියන්නේ මොනවාද කියලා ඔයාවත් දන්නේ නෑ. දෙයක් වෙනතුරු බලා ඉඳලා ඕනෑම කෙනෙකුට කතන්දර කියන්න පුළුවන්. ඔයාලා බලයේ ඉන්නකොට කරපු දේවලුත් ජනතාවට හොඳට මතකයිනේ...!
මෙයා විපක්ෂනායක කියලවත් රටේ බහුතරයක් නොදන්න එකේ ඕක මොකක්ද?
ඉදලා ඉදලා වැදගත් දෙයක් කිව්වා.... අන්න එහෙම ඉන්න
දැන් ඕක කලින් දැනගත්තු අයට බදු නිදහසක් දුන්නද කියලා කියන්නකෝ, තමුන්නැහැ ආයෙමත් ගොන්කම ප්‍රදර්ශනය කරනවා...
ඔබතුමලා ඔවා කලින් දැනගෙනත් නිකමටවත් අනුරලට කීවේ නැහනේ තියෙන කුහක කමට .
ඕන එකයි එපා එකයි හැමදේම කියවන ඔයා, ට්‍රම්ප්ගේ බදු ප්‍රතිපත්ති ගැන ඔය තරම් දැනගෙන හිටියා නම් ඒ ගැන එක වචනයක් කතා කෙරුවේ නැත්තේ රට වැටෙයි කියලා ආසාවෙන් බලා හිටිය නිසාද ? අනේ යන්න සජිත් අපි නොදන්න මොණරතැන්න !
අසමගි ජන බලවේගයේ ඉන්නා අයත්, නායකයගේ වැඩ හින්දා, පක්ෂය අතහැර ගියා කියලාවත් දන්නේ නැතුව ඇති...
එතකොට අක්කා හොර සල්ලි ගහනවා කියලා දැන දැනත් ඇයි පොලිසියට කියලා අල්ලලා දුන්නේ නැත්තේ...!
සජිත් මෙතනදි හරි කතාව කිව්වා. යූ ටියුබ් එකෙත් අපි දැක්කා සජිත් මේක කලින්ම ප්‍රශ්න කරනවා. කොහේද මේ ආණ්ඩුවට සෑහෙන්න වැඩ තිබුණානේ. රිලව් ගණන් කරා, බූරුවෝ හෙව්වා, ඩේසි ආච්චිට හාල් ගැරුවා, මහින්දව ගෙයින් එලෙව්වා, බල්ලෝ හාල් කාපුවා හෙව්වා, චාමරගේ ඉස්කෝල බෑග් දීපුවා හෙව්වා, ඉතින් කොහේද මේ වගේ වැඩ වලට වෙලාවක්...?
සුදා... කවුරු දන්නේ නැතත් ඔයා දන්නවානේ. ඒ මදැයි පැටියෝ.. තමන්ට වෙන්නේ මොකක්ද නොදන්නා ඔයා ඇමරිකාවෙන් කරන දේ ගැන ඔය තරම් දන්නේ...? වාව්... ලෝකෙ දේවල් හොයන ගමන්, ඡන්දයක් අත ළඟ තියෙද්දීත්, එළියට ඇවිත් මිනිස්සුන්ට කථා කථාකරන්න බැරි මොකද කියලා ට්‍රම්පච්චිගෙන්වත් අහලා දැනගන්න.