
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව පසුගිය කාලයේදී වරින්වර දී ඇති විවිධ නිර්දේශ බොහෝ ආයතන ප්‍රධානීන් ක්‍රියාත්මක කර නැතැයි වාර්තා වේ.
මේ අනුව තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව ක්‍රියා කරන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දි ඇත.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය ආයතන ප්‍රධානීන් පුලුල්ව දැනුවත් කිරීමටද එම කොමිෂන් සභාව තීරණය කර ඇත. තම නිර්දේශ ක්‍රියාත්මක නොකරන්නේ නම් අදාල ආයතන ප්‍රධානීන් එම වගකීම බාරගත යුතු බවද කොමිසම දැනුම් දෙයි.
ඇතැම් ප්‍රධානීන් කොමිසමේ නිර්දේශවලට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර ඇතැයි පවසමින් නිර්දේශ ක්‍රියාත්මක කිරීම පැහැර හරින බවත් නිර්දේශවලට එරෙහිව අභියාචනා කිරීමේ ක්‍රමවේදයක් නොමැති බැවින් අභියාචනා යොමු කර නිර්දේශ ක්‍රියාත්මක නොකර සිටීමට නීතිමය හැකියාවක් කිසිවකුටත් නැති බවත් ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්දේශ ක්‍රියාත්මක කරන්නේ නැතිනම් වැඩ තහනම් කරන්න.